ශ්‍රී ලංකාව,සිම්බාබ්වේ සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද තරගයට

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 08 කොළඹ (LNW): අද ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර දෙවන එක්දින තරගය පැවත්වීමට නියමිතයි.පළමු තරගයේ ප්‍රතිපලය වැස්ස විසින් ගිල ගත් නිසා මේ තරගයේදී දෙපිළම සෑහෙන උවමනාවකින් තරගයට සූදානම් වෙමින් තිබෙන බව සහතිකයි.එහෙත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන පරිදි අද මිලි මීටර් 100 ක වර්ෂාපතනයක් සවස් කාලයේ බස්නාහිර පළාතට ලැබිය හැකියි.එසේ වුවහොත් එය ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ද ඇද හැලී දෙවන තරගයත් වර්ෂාවට සේදී යා හැකියි.


එහෙත් විශාල වශයෙන් වර්ෂාව ඇඳ නොවැටීම මෙන්ම අඛණ්ඩව වර්ෂාව නොවැටීම කියන කාරණා මත ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණ සේවකයින් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ හෝ මේ තරගය ප්‍රතිපලයක් කරා ගෙන යාමට සහය දක්වනු නිසැකයි.ඒ නිසා වර්ෂාව ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද කියන අනා වැකිය නිවැරදිව බලා පා,එය ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට බලපෑවත්,එය බලපාන ප්‍රමාණය අනුව තරගය පැවත්විය හැකි ද,නැද්ද යන්න තීරණය කළ හැකි සේවක පිරිසක් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිටීම තරගයේ තීරණය ගැන කතා කිරිමේදී අත් හැර යා නොහැකි සාධකයක් ලෙස ගත හැකියි.
එසේම නිතර වරදින අනාවැකි අතරට මේ අනාවැකිය ද එකතු වුවහොත් අද බස්නාහිර පළාත වර්ෂාවෙන් තොර වටපිටාවක් සහිතව තරගයට ආශිර්වාද කරන මට්ටමට පත් වේවී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...

ඉස්සෙල්ලා බලන්න ඕනෙ ඡන්දෙට එන්න හීන දකින මනමාලයා තව මාස කීයක් එළියෙ ඉඳියිද කියලා – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන...

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...