2024ට සජබ කළු වෙයි!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 09 කොළඹ (LNW): 2024 නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු කළු පැහැති ඇඳුමින් සැරසී පැමිණ සිටින ආකාරය දක්නට ලැබුණි.

මෙලෙස කළු පැහැති ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුව වෙත පැමිණ ඇත්තේ, රජය විසින් සියයට 18 දක්වා වැට් බදු ඉහළ දැමීමට එරෙහිව විරෝධය පළකරමින් බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇