විමල්ලා නෙරපීම ප්‍රතිපත්තිමය තීන්දුවක් – දිළුම් අමුණුගම

Date:

විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා කැබිනට් තනතුරුවලින් ඉවත් කිරීම ආණ්ඩුව ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මිස ජනතාධිපතිවරයාගේ තනි තීරණයක් නොවන බව ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසනවා. ආණ්ඩුව තුළ, කැබිනට් මණ්ඩලය තුළ සිටිමින් ආණ්ඩුව විවේචනය කරන, කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය කඩ කරන කුමන ඇමතිවරයෙකුට වුවද තනතුරු අහිමි වීම සිදුවිය හැකි බවද අමුණුගම මහතා පවසනවා.

හවුල්කාර පක්ෂ 11 කණ්ඩායම පසුගියදා සමුළුවක් පවත්වමින් ඉදිරිපත් කළ යෝජනා මාලාව ආණ්ඩුවේ වැඩපිළිවෙල විවේචනය කිරීමක් ලෙස සැළකිය හැකි බවත්, එය ඉදිරි මැතිවරණ ඉලක්ක කරමින් ඉදීපත් කළ ප්‍රතිපත්ති මාලාවක් ලෙස සැළකිය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

කැබිනට් මණ්ඩලය නියෝජනය කරන සාමාජිකයන්, කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම ආරක්ෂා කිරීමට බැඳී සිටින බවත්, ආණ්ඩුවේ සමස්ත ක්‍රියාවලියට මෙන්ම ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, මුදල් ඇමතිවරයාට පහරදීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුවට සහභාගිවෙමින් දිළුම් අමුණුගම ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මත්ද්‍රව්‍යට එරෙහි අපේ මෙහෙයුම කඩාකප්පල් කරන්න උද්ඝෝෂණ, පෙළපාලි එනවා. අපි ඒවාත් පරාජය කරනවා – ජනපති

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය ජාතික...

මාලිමාව කළුතර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි කළුතර ප්‍රාදේශීය සභාවේ මංගල...

21 මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භ සටහන් කරවනවා – ගම්මන්පිල

කොළඹ LNW: මහා වැසි වැස්සත්, මහා සුළං හැමුවත්, ආණ්ඩුව...

වියට්නාමය සහ උතුරු පළාත අතර සහයෝගීතාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වියට්නාම්...