*
Sunday, January 5, 2025
spot_img

Latest Posts

තහනම් කළ ක්‍රීඩකයින් නිල පුහුණුකරුවන් කරන රුසියාව

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 10 කොළඹ (LNW): ජාත්‍යන්තර තහනම් උත්තේජක මර්ධන කාර්යාංශ්‍ය සමඟ නිරන්තර ගැටීමක සිටින රුසියාව,එහි නියෝග නොතකා කටයුතු කිරීම පදනම් කරගෙන ජාත්‍යන්තර ක්‍රිඩා පිටියේ සිය ධජය පවා භාවිතා කිරීම අහිමි රටක් හැටියට සිටියත්,තවමත් සිය මුරණ්ඩුකම පාලනය කරගෙන නැති බව පෙන්වන කදිම පත් කිරිම් කිහිපයක් කරන්නට ඉදිරිපත් වී ඇත.ඒ තහනම් උත්තේජන පරීක්ණවලදී වරදකරුවන් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන යෙලීනා ලෂ්මනෝවා,ස්ර්ජි කිර්ඩියාප්කින් සහ ඔල්ගා කනිෂ්කිනා රුසියානු මලල ක්‍රීඩා සංචිතයට දරාගැනීම වර්ධනය කිරීමේ වගකීම පැවරුණු පුහුණුකරුවන් ලෙස පත් කිරිමෙන්ය.

ලෂ්මනෝවා තවමත් 31 හැවිරිදිය,සර්ජි 43 හැවිරිදිය,කනිෂ්කිනා 38 හැවිරිදිය.මේ තිදෙනාම තවමත් ක්‍රීඩක වයසේ සහ එය නිමා කළ ආසන්නයේ සිටිය යුතු අය වුවත් ඇවිදිමේ සූර සූරියන් වූ තිදෙනාටම ජාත්‍යන්තර තරගවලට සහභාගි වීම වසර කිහිපයකට පෙර අහිමි වූයේ තහනම් උත්තේජන භාවිතය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන්ය.විශේෂයෙන්ම රුසියානු තහනම් උත්තේජන මර්ධන කාර්යාංශය සිය ක්‍රීඩකයන්ගේ තහනම් උත්තේජන සම්බන්ධ පරීක්ෂණවල සත්‍යය සඟවා වැරදි තොරතුරු ලබා දෙන බවට සාක්ෂි සහිත චෝදනා ඔප්පුවීමෙන් අනතුරුව කරන ලද මධ්‍යස්ථ පරීක්ෂණවලදී ද වරදකරුවන් වූ මේ තිදෙනා අදාළ තනතුරු සඳහා රුසියාව ගෙන එන්නේම තමන් ලෝක සම්මුතිවලට අනුව ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව,වඩා වැනි ආයතන කෙරෙහි එකඟ නොවන තමන්ට අවශ්‍යය විදිහට ක්‍රියා කරන බව පෙන්වීමේ දේශපාලන දඩබ්බරකම පෙන්වීමේ උවමනාවෙන් විය හැකිය.

මේ වන විටත් රුසියාව සිය තහනම් උත්තේජන චෝදනා සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව සහ වඩා ආයතන ඉදිරිපත් කර තිබෙන කොන්දේසිවලට අනුව කටයුතු කරන බවක් පෙන්වා නැත.ඒ නිසා ඔවුන්ට ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව යටතේ පවත්වන ජාත්‍යන්තර තරගවලට සහභාගි විය හැක්කේ රුසියානු ඔලිමිපික් කමිටු ධජය යටතේ වන අතර පුටින්ගේ දේශපාලන අධිකාරිය විසින් ඒවා නොතකා හැරීම සාධාරණ නොවන්නේ,අසාධාරණ බලපෑමක් හරහා ලෝකය සමඟ තරගකාරී විය යුතු සමාන තත්ත්වයෙන් බැහැරව අසාධාරණ ලෙස ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් ඉල්ලිමක් දකින්නට තිබෙන නිසාය.

එසේම මේ වන විට රුසියානු හමුදාවන්ට සම්බන්ධ අයට ද ජාත්‍යන්තර තරග සඳහා ඉදිරිපත්වීමේ අවස්ථාව යුක්රේනයට එරෙහි යුද්ධය නිසා වළක්වා ඇති අතර ජාත්‍යන්තර වශයෙන් ඒ ආකාරයට පැනවී ඇති බාධාවන් සහ සීමාවන් යටතේ ක්‍රීඩාවේ පරමාර්ථ සහ අභිප්‍රායන් සුරක්ෂිත කිරිමේ සැළසුමක් සහ ක්‍රමවේදයක් පවතින බැවින් මෙම පුහුණුකරුවන් තිදෙනාගේ පත්වීම කෙරෙහි වඩා ආයතනය සැසලීමක් නොපෙන්වන්නේය.

පුහුණුකරුවන් වූ තහනම් උත්තේජන චෝදනා මත වරදකරුවන් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනාට නැවත යහපත් තත්ත්වයට ඒමට ඇති ඉඩට ගරු කරමින් සහ රුසියාවට ස්වාධීනව තීරණ ගැනීමට ඇති ඉඩ ද පිළිගැනීමට වඩා එකඟතාවය පළ කර ඇත.එය වෛරයෙන් වෛරය නැසීම වැනි තැනකට පත්වීමෙන් වැළකීමකි.වැරදි සිඳු නොවීමට සහ වැළක්වීමට පිළිගත් ජාත්‍යන්තර ක්‍රමවේදයක් සහ සැළසුමක් පවතින මොහොතක ඉන් මෙහා ගැටුම්කාරී තත්ත්වයක් ඇති වන ආකාරයේ ප්‍රකාශ හෝ සිඳුවීම් ඇති කර නොගැනීමට වඩා දක්වන ප්‍රතිචාරයේ ඇති බුද්ධිමත්කම ඉතා වටින්නේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan