ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි ධුරයට විශේෂඥ වෛද්‍ය සවීන් සේමගේ පත්වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 10 කොළඹ (LNW): හිස්ව පැවතිණු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි ධුරයට විශේෂඥ වෛද්‍ය සවීන් සේමගේ මහතා පත්කර තිබේ.

මෙම පත්කිරීම සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් සිදු කර ඇති බව සඳහන් වේ.

2021 වසරේ නොවැම්බර් මාසයේ සිට 2022 වසරේ මැයි මාසය දක්වා එම තනතුරේ කටයුතු කළ ඔහු පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සේවයට එක් විය.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් නිෂ්පාදනයට සම්බන්ධ ගැටලුව හේතුවෙන් මෙම අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා එම ධුරයෙන් ඉවත් කිරීමත් සමඟ ධුරය හිස්ව පැවතිණු අතර ඒ අනුව මෙම පත් කිරීම සිදුව ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුමේෂ් රත්තරන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 22, කොළඹ LNW: කොරියාවේ Mokpo...

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළි!

රෂිකා හෙන්නායක අගෝස්තු 22, කොළඹ LNW : අද (22)...

කෘෂි නිෂ්පාදන ආර්ථිකයට සංයුක්ත සැලැස්මක්!

කොළඹ LNW:කෘෂි නිෂ්පාදන ජාතික දේශීය සහ විදේශීය වෙළඳපොලට නිකුත්...

චීනයේ Xizang ස්වායත්තය 60 වන උපන්දින සැමරුම චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තය හෙවත් ටිබෙට් ලෙස හැඳින්වෙන කලාපය...