නාය යෑමක් හේතුවෙන් බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 10 කොළඹ (LNW): නාය යෑමක් හේතුවෙන් මාර්ගය ඊයේ (09) රාත්‍රියේ බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය හාලිඇළ උඩුවර හතේ කණුව ප්‍රදේශයෙන් අවහිර වී ඇත.

තවද, මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යාමත් සමග පොළොන්නරුව – මඩකලපුව මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල අතර කොටස නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇති අතර, ජනතාවගේ ගමන් පහසුව සඳහා විශේෂ දුම්රිය සේවාවක් ද ක්‍රියාත්මක බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

එසේම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලාශ 50 කට පමණ ආසන්න සංඛ්‍යාවක් වර්ෂාවත් සමග වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේය. එහි ජල කලමනාකරණ අධ්‍යක්ෂ සුදර්ශනී විදානපතිරණ මහත්මිය සඳහන් කළේ, සෙසු ජලාශ ද වාන් මට්ටමට පැමිණ ඇති බවයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසූවේ, සේනානායක සමුද්‍රයේ වාන් දොරටු 5 ක් සම්පුර්ණයෙන් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 5200 ක් පහළ ප්‍රදේශවලට ප්‍රදේශවලට මුදාහරින බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞදි ඔටුන්න හිමි කුමරුගේ ධවල මන්දිර සංචාරයට පෙර ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රධාන අවි ගනුදෙනුවකට අත්සන් තබයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදිහි ඔටුන්න...

සාධාරණ ක්‍රීඩා තරුව තේරීම අවසන් තිදෙනා දක්වා කෙටි කෙරේ – තීරණය 29 වන දා

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

මෙහෙමත් රැලි ….

මත්ද්‍රව්‍ය වසංගතය යනු රැකියා වියුක්තිය, නාගරික පැල්පත් වැඩිවීම, නූගත්කම...

තැපෑලට වෙනසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18) දින...