රනිල් ජනාධිපතිවරණ මෙහෙයුම අරඹයි – සමඟියේ මන්ත්‍රීන් දෙදෙනෙකුත් සාකච්ජාවට ගිහින්!

Date:

කොළඹ LNW:ඉදිරි ජනාධිපතිවරණය සඳහා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ මූලික සංවිධාන කටයුතු ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ කිරීමට තීන්දුකර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද එකඟත්වය පලකර ඇතැයි එම ආරංචිමාර්ග සඳහන් කරයි.

එම ආරංචිමාර්ගවලට අනුව, කොළඹ පිහිටි සුපිරි මහල් සංකීර්ණයක පසුගිය 08 වැනි දින රහසිගත සාකච්ජාවක් පවත්වා ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඉන් ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මෙන්ම සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද සහභාගී වී ඇති බව සදහන්.

තහවුරු කළ ආරංචිමාර්ග අනුව එම රැස්වීමට සහභාගී ඇති මන්ත්‍රීවරුන් ගණන 17 ක් බවයි.

එම රැස්වීමට සහභාගී වූ සියලු මන්ත්‍රීවරුන්ගේ අනන්‍යතාවය හෙළිදරව් නොවීමට වගබලා ගැනීමට තීන්දු කර ඇති අතර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන මොහොතවන තෙක් සජබ තුළ සිටිමින්ම කටයුතු කරන ලෙස සජබ මන්ත්‍රීවරුන් දෙදෙනාට දැනුම්දී ඇතැයි ද පැවසේ.

කෙසේවෙතත් ඊයේ දිනය වන විට ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තීරණය අකර තිබෙන බවයි එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටු රැස්වීමේදී අකිල විරාජ් කාරියවසම් මහතා පවසා තිබුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...