බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය පැමිණෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 10 කොළඹ (LNW): අද (10) දින පස්වරුවේ බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

ඇය මෙම සංචාරය සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයක් තෝරා ගෙන තිබූ අතර අද පස්වරු 01.06 ට එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපොළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ, ඇයගේ වල්ලභ කුමරු ඇතුළු 07 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් ද සමඟයි.

අමාත්‍ය අලි සබ්‍රි , සීතා අරඹෙපොළ , ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ මීගමුව හරිස්චන්ද්‍ර , නිවුස්ටෙඩ් බාළිකා , විජයරත්නම් සහ අල් හිල්ලාල් ජාතික පාසැල් වල කුඩා සිසුන් පිරිසක් සහ උඩරට – පහතරට විවිධ නැටුම් අංග නියෝජනය කරමින් විශාල නැටුම් ශිල්පීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා අංගය වෙත මෙම පිරිස පිළිගැනීම සදහා පැමිණ සිටියහ .

ගුවන් යානයෙන් බැස ගත් ඈන් කුමරිය රතු පළස දිගේ පැමිණ , ගුවන් තොටුපොළ රන් සමරු සටහන් පොතේ ( Golden Book ) හි සටහනක් තබා ගුවන් තොටුපොළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ, එහිදී පැවැත් වූ තේ පැන් සංග්‍රහයකින් පසු විශේෂ රිය පෙරහැරකින් කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ පිහිටි ඇගලුම් කම්හලක් නිරීක්ෂණයට ද පැමිණි බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චීනයේ ටියන්ජින් හී පැවත්වෙන...

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...