‘ පෙරිග්‍රීන් මිෂන් 1‘ රොකට්ටුව අසාර්ථකයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 10 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකාවෙන් ගුවන් ගත කළ ‘පෙරිග්‍රීන් මිෂන් 1‘ රොකට්ටුව අසාර්ථක වූ බව වාර්තා වේ.

වසර 1972න් පසු පළමු වතාවට ඇමරිකාව මෙසේ සඳ තරණය කිරීමට තීරණය කර තිබුණි.

එම රොකට්ටුව පෘථිවි කක්ෂයට දක්වා යෑමෙන් පසු මුදා හැරීමට නියමිතව තිබූ සඳ මත පතිත වන ලෑන්ඩරය ඉදිරියට තල්ලු නොවීමේ දෝෂයක් මත සූර්යයාට මුහුණලා ස්ථාන ගතවීමට නොහැකි වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

එම තත්ත්වය මත ලෑන්ඩරයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය බැටරි කෝෂ ආරෝපණය නොවන බැවින් ගුවන්ගත වීම ආරම්භ වී පැය විසිහතරක් ගතවීමටත් පෙර මෙහෙයුම අවලංගු කිරීමට රොකට්ටුව ගුවන්ගත කළ අමෙරිකාවේ ඇස්ට්‍රොබොටික් අභ්‍යවකාශ සමාගමට සිදුව ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, බැටරියේ දුර්වලතාව පසුව විසඳිමට හැකිවුවද, ලෑන්ඩරය ඉදිරියට තල්ලු නොවීමේ දෝෂය යථා තත්ත්වයට පත් කිරීමට එම සමාගම අසමත් වූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්...

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ...