*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

තෙල් අර්බුධයෙදි ඉන්දියාව එදාට වඩා ශක්තිමත්

සෑම දිනකම තෙල් බැරල් මිලියන 5.5 ක් වැය කරන ඉන්දියාව, එක්සත් ජනපදයට සහ චීනයට පිටුපසින් ලෝකයේ තුන්වන විශාලතම තෙල් පාරිභෝගිකයා වේ.නමුත් 2014 ජූනි මාසයෙන් පසු තෙල් මිල ඉහළම අගයක් වාර්තා කිරීම, ඉන්දියාවට නව අර්බුධයක් නිර්මාණය කිරිමට ඉඩ තිබේ.ඉන්දියාව සිය තෙල්වලින් 85%ක් ආනයනය කරන්නේ රටවල් 40කට වැඩි ගණනකිනි. සැපයුම්වලින් වැඩි ප්‍රමාණයක් පැමිණෙන්නේ මැද පෙරදිග සහ එක්සත් ජනපදයෙනි.

එහෙත් ඉන්දියාව තම සැපයුම් වලින් 2% ක් පමණක් රුසියාවෙන් ආනයනය කරයි. එමෙන්ම ඉන්දියාව පිරිපහසු ඛනිජ තෙල් නිෂ්පාදන අපනයනය කරයි . එය මුළු අපනයනයෙන් 13% කට වඩා වැඩි ප්‍රමාණයක් . ඉන්දියාව රටවල් 100 කට වඩා වැඩි ගණනකට පිරිපහදු තෙල් අපනයනය කරයි.මේ වන විට බොහෝ ගැනුම්කරුවන් රුසියානු ඉන්ධන ප්‍රතික්ෂේප කිරීම නිසා තෙල් මිල නැවතත් ඉහළ ගොස් ඇත.ඉන්දියාව තුළ සෑම වසරකම තෙල් සඳහා ඉල්ලුම 3-4% ප්‍රමාණයකින් වර්ධනය වේ. දශකයක් තුළ ඉන්දියාවට දිනකට බැරල් මිලියන 7කට වඩා පහසුවෙන් පරිභෝජනය කළ හැකි බව විශේෂඥයෝ පවසති. එරට තෙල්වලින් වැඩි ප්‍රමාණයක් වැයවන්නේ වාහන මිලියන 300ක් පමණ පාරේ තබා ගැනීමට සහ පෙට්‍රෝ රසායනික ද්‍රව්‍ය සහ ප්ලාස්ටික් වැනි විවිධ කර්මාන්ත සඳහා ය. ඉන්දියාව මෙගා වොට් 80,000ක් පමණ විදුලිය නිපදවීමට ඩීසල් භාවිතා කරයි.

ඩීසල් ජනක යන්ත්‍ර බොහෝ පෞද්ගලික නිවාස සඳහා විදුලිය සපයයි.ඉන්දියාවේ බදු ආදායම ද තෙල් මත දැඩි ලෙස රඳා පවතී. කොවිඩ් අධි වසංගතය ආසියාවේ තුන්වන විශාලතම ආර්ථිකය හිමි ඉන්දියාවට පහර දුන් අතර, එය දැනටමත් දිගුකාලීන මන්දගාමි තත්වයකට පත් කර ඇත. 2021 ඔක්තෝබර් සහ දෙසැම්බර් යන කාලය තුළ එරට ආර්ථික වර්ධනය 5.4% දක්වා අඩු විය . රැකියා විරහිතභාවය තවමත් බහුලව පවතී .

නමුත් බොහෝ අය විශ්වාස කරන්නේ ඉන්දියාවේ ප්‍රමාණවත් ඩොලර් බිලියන 633 ක විදේශ විනිමය සංචිත තෙල් මිල කම්පනයකට මුහුණ දීමට හොඳ තත්වයක පවතින බවත්ය.එරට බල ශක්ති විශේෂඥයන් විශ්වාස කරන්නේ යුක්රේනයේ යුද්ධයෙන් සැපයුම් කඩාකප්පල් වේ යන බියෙන් තෙල් මිල ඉහළ යාමෙන් පෙන්නුම් කරන්නේ ඉන්දිය ප්‍රාන්තවල සිය අතිරේක බලශක්ති ප්‍රතිපත්තිය කඩිනම් කළ යුතු බවයි .

ඉන්දියාවේ ඒක පුද්ගල බලශක්ති පරිභෝජනය තවමත් ලෝකයේ අඩුම අගයක පවතින රටකි.2014 දී අවසන් වරට තෙල් මිල ඩොලර් 100 ඉක්මවා ගිය විට, ඉන්දියාව එරට ඉහළ උද්ධමනය සමඟ සටන් කරන්නටවිය.

SAHAN HEWAGAMAGE OUTBOUND TODAY

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan