යුක්රේනයට එරෙහි ජයග්‍රහණය සඳහා යාඥා කිරීම ප්‍රතික්ෂේපකළ රුසියානු ඕතඩොක්ස් පූජකවරයා නෙරපා හරියි

Date:

සටහන : සශිකලා මධුෂාණි,

ජනවාරි 14, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය නොවැම්බරයේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඇලෙක්සි උමින්ස්කි පැවසුවේ යුද්ධයේ භාෂාව පල්ලියේ නමස්කාරය සමඟ කිසිදු ගැලපීමක් නොමැති බවයි.

යුක්රේනයට එරෙහිව ජයග්‍රහණය ලැබීම සඳහා රුසියාවට මඟ පෙන්වන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටි යාච්ඤාවක් කියවීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඇලෙක්සි උමින්ස්කි නම් ලිබරල් පූජකයෙකු රුසියානු ඕතඩොක්ස් පල්ලියෙන් නෙරපා හැර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පල්ලියේ උසාවිය සඳහන් කර තිබුණේ, ඇලෙක්සි උමින්ස්කි ඔහුගේ පූජක දිවුරුම කඩ කිරීම හේතුවෙන් ශුද්ධ නියෝගවලින් නෙරපා දැමිය යුතු බවත්ය. හෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට දැඩි ලෙස සහාය දක්වන රුසියානු පල්ලියේ ප්‍රධානියා වන පැට්‍රියර්ක් කිරිල් වෙත යොමු කර ඇත.

ඇලෙක්සි උමින්ස්කි යනු මොස්කව්හි ශුද්ධ වූ ත්‍රිත්ව දේවස්ථානයේ ජ්‍යෙෂ්ඨ පූජකයෙකු ලෙස වසර 30 ක් සේවය කර ඇති පුජක වරයෙකි. ඔහු මිය යන දරුවන් සහ වැඩිහිටියන් සඳහා යාච්ඤා කිරීමට හා ආගන්තුක සත්කාරය සඳහා ප්‍රසිද්ධියට පත්ව ඇත.

පසුගිය නොවැම්බරයේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඇලෙක්සි උමින්ස්කි පැවසුවේ යුද්ධයේ භාෂාව පල්ලියේ නමස්කාරය සමඟ කිසිදු ගැලපීමක් නොමැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත් සමාව ගනී!

කොළඹ LNW: පසුගියදා මහනුවර නගර සභා පරිශ්‍රයේදී සෝමේ (soome)...

හානියට පත් නිවාස සහ ඊට අදාළ වන්දි ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලූ ජනපති අනුර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...