සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 15 කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ දේශපාලන කාරණාවල අතපෙවීම නිසා ශ්‍රී ලංකාවට අහිමි වූ අවුරුදු 19 න් පහළ ලෝක සූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම පෙර පුහුණු තරගයකදි තමන් පරාජයට පත් වූ අවුරුදු 19 න් පහළ ආසියානු සූරතාවලියේදී සූරතාවය දිනා ගත් බංගලාදේශ කන්ඩායම පරාජයට පත් කරමින් ලකණු 112 ක ජයක් අත් කර ගන්නට සමත් විය.ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම මෙම ජයග්‍රහණය ලැබුව ද එය බංගලාදේශයට සමීප වීමට නොහැකි ජයග්‍රහණයක් බවට සිය හැකියාවන් හරහා පත් කිරීමට ශ්‍රී ලංකා තරුණයෝ සමත් වූහ.

විශේන්
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ත් දැවී පන්දු ඕවර් 49 දී ලකුණු 238 ක් රැස් කිරීමට සමත් විය.පිළිතුරු ඉණිමට පිටියට පිවිසි බංගලාදේශ ක්‍රීඩකයෝ අයහපත් කාල ගුණ තත්ත්වය මත තරගය පන්දු ඕවර් 36.2 දී නවත්වන විට කඩුලු 9 ක් දැවී ලකුණු 119 ක් රැස් කරගෙන සිටියහ.ඒ අනුව ඒ මොහොත වන විට ජයග්‍රහණය ලැබීමටනම් කඩුලු 9 ට බංගලාදේශ ක්‍රීඩකයෝ ලබාගෙන සිටිය යුතු වූ ලකුණු ප්‍රමාණය ලකුණු 231 ක් වූ අතර ඒ අනුව ශ්‍රී ලංකාව මේ තරගයෙන් ලකුණු 112 ක විශිෂ්ඨ ජයක් ලබා ගත්තේය.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම අර්ධ ශතකය වාර්තා කළේ ආරම්භක පිතිකරු පුළිඳු පෙරේරා ලකුණු 50 ක් රැස් කරන්නට සමත් විය.ආරම්භක කඩුල්ල වෙනුවෙන් පුළිඳු සහ විශේන් හැළඹගේ සබඳතාවය ලකුණු 55 ක් වූ අතර හැළඹගේ පුළිඳුට පසුව ශ්‍රී ලංකා ඉණිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 30 ක් රැස් කරන්නට සමත් විය.දෙදෙනා පන්දු යැවීමේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම ප්‍රතිපල ලැබූ පන්දු යවන්නන් දෙදෙනා වූ අතර හැළඹගේ පන්දු ඕවර් 6.1 ක් යවා ලකුණු 28 ට කඩුලු 3 ක් දවා ගත්තේය.පුළිඳු පන්දු ඕවර් 4.5 ක් යවා ලකුණු 5 ට කඩුලු 2 ක් දවා ගත්තේය.
කොළඹ ශාන්ත පිතරයේ දායාදයක් වන අම්බලන්ගොඩ ක්‍රිකට් සංස්කෘතියේ කැපී පෙනෙන පවුල් පසුබිමකින් පැවත එන විශේන් දකුණතින් පන්දුවට පහර දෙන සහ දකුණතින් මදවේග පන්දු යවන ක්‍රිඩකයෙකි.එසේම පුළිඳු මහනුවර ධර්මරාජය නියෝජනය කරන වමත් පිතිකරුවෙක් වන අතර ඔහු දකුණතින් පිට දඟ පන්දු යැවීමේ සමතෙකි.
ලකුනු සටහනට පහතින් පිවිසිය හැකිය.
https://www.espncricinfo.com/series/icc-under-19-world-cup-warm-up-matches-2023-24-1413212/bangladesh-under-19s-vs-sri-lanka-under-19s-warm-up-1413248/full-scorecard
