අධ්‍යාපන අමාත්‍යවරයා සහ ඊජිප්තුවේ අරාබි ජනරජයේ තානාපති අතර හමුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 17 කොළඹ (LNW):අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී , ඊයේ (16) ඊජිප්තුවේ අරාබි ජනරජයේ තානාපති මේජ්ඩ් මොස්ලෙ (Maged Mosleh) මහතා සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර විශේෂ හමුවක් පැවැත්විණි.

මේජ්ඩ් මහතා, මෙහිදී 42 වැනි යුනෙස්කෝ සමුළුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ‍ප්‍රේමජයන්ත මහතා තේරී පත්වීම සම්බන්ධව සිය සුබපැතුම් එක් කළාය.

ඉදිරියේ දී යුනෙස්කෝ සංවිධානය හා සම්බන්ධව සිදුකරන කාර්යයන් වෙනුවෙන් සහයෝගය ලබාදෙන ඔහු මෙහිදී ලෙස ද ඉල්‍ලා සිටියේ ය.

තානාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ , අරාබි භාෂාව ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මෙරට පාසල් පද්ධතිය තුළ ගුරුවරුන් පුහුණු කිරීමටත්, විශේෂයෙන් ම අරාබි රටවල විදේශ රැකියා සඳහා යොමුවන මෙරට තරුණ පිරිස් සඳහා වෘත්තීය පුහුණු ආයතන සමග එක්ව අරාබි භාෂාව හා සංස්කෘතිය සම්බන්ධ පුහුණු පාඨමාලා සැලසුම් කිරීමටත් සහයෝගය ලබාදිය හැකි බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...