රුවන්පුරට වාරි ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති සඳහා රු. මි. 1200 ක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 19 කොළඹ (LNW): අද (19)රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යලයේදී රත්නපුර දිස්ත්‍රික්  වාරිමාර්ග  ව්‍යාපෘති වල ප්‍රගතිය සම්බන්ධයෙන් අදාළ ආයතන ප්‍රධානීන් කැඳවා පැවැති සාකච්ඡාවට එක් වෙමින් වාරිමාර්ග, වනජීවි සහ  වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය  ප්‍රකාශ කර සිටියේ රත්නපුර දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 1200 ක වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ආරම්භ කර ඇතිබවයි.

මෙහිදී  ,වාරිමාර්ග  අමාත්‍යාංශය යටතේ පවතින ජලාධාර හා ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය, දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන, සහ  වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මහවැලි  අධිකාරිය යටතේ ක්‍රියාත්මක  වාරිමාර්ග  ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

අදාළ ව්‍යාපෘති යටතේ රත්නපුර දිස්ත්‍රික්කය සඳහා  රු.මි. 1200ක මූල්‍ය ප්‍රතිපාදන  වෙන් කිරීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරිය පැවසීය.

මෙම මූල්‍ය ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය, ඇලවේලි ප්‍රතිසංස්කරණය, වාරිපද්ධති දොරටු ප්‍රතිසංස්කරණය, කෘෂිකාර්මික මාර්ග පද්ධති ප්‍රතිසංස්කරණය, පානීය ජල අවශ්‍යතා සඳහා මෙන්ම, නියගයට ඔරොත්තුදීම සඳහා ද වශයෙන් හඳුනාගත් ව්‍යාපෘති බොහොමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් විය.

මෙහිදී අදහස් දැක්වූ  අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ වාරිමාර්ග ව්‍යාපෘති  සඳහා  මුදල් වැය කිරීමේ දී  කිසිදු  මූල්‍ය අක්‍රමිකතාවක් සිදු නොවීමට නිලධාරීන් වග බලාගත යුතු බව යි.

ජනතාව මුහුණදෙන ආර්ථික අර්බුදය හමුවේ ඔවුන් ට  සහනයක් වනු පිණිස මෙම මුදල්  විනිවිද භාවයෙන් යුතුව  යොදවන ලෙස ද  අමාත්‍ය වරිය  නිලධාරීන් ට උපදෙස් දීමද සිදු විය.

මෙම  අවස්ථාව සඳහා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිතා ප්‍රියශාන්ති ද සොයිසා මහත්මිය, සබරගමුව පළාත් සභාවේ හිටපු අමාත්‍ය රංජිත් බණ්ඩාර මහතා, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ මහතා , රත්නපුර දිස්ත්‍රික් ලේකම්  වසන්ත ගුණරත්න මහතා,  වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සුනිල් පෙරේරා මහතා,  ඒකාබද්ධ ජලාධාර හා ජලසම්පත් කළමනාකරණ ව්‍යාපෘති අධ්‍යක්ෂ ලලිත් විජේරත්න මහතා , දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්ෂ බබන්දුල සිරිමල් මහතා ඇතුළු   නිලධාරීහූ  සහභාගී වී සිටියහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...