පීටර් බෘෘවර්ගෙන් IMF දෙවැනි සමාලෝචනය ගැන හෙලිදරව්වක්!

0
193

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 19 කොළඹ (LNW): අද (19) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පවසා සිටියේ, එම වැඩසටහන සම්බන්ධ දෙවැනි සමාලෝචනය සිදු කරන දිනය සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවයි.

බෘෘවර් මහතා කියා සිටියේ IMF වැඩසටහනේ දෙවන සමාලෝචනයට පෙර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන අදාළ ගිවිසුම්වලට ශ්‍රී ලංකාව එළඹෙනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවයි.