බංකරයක තිබී ලක්ෂ 22 කට අධික මුදලක් නාකොටික් නිළධාරීන් සොයාගනී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 20 කොළඹ (LNW): නිවසක බංකරයක සගවා තිබු ලක්ෂ 22 කට අධික මුදලක් නාකොටික් නිළධාරීන් සොයාගත් නව පොලිසිය පවසයි,

ගනේමුල්ල සංජීවගේ ගෝලයකුගේ නිවසක් බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති බවද පොලිසිය කියා සිටී.

දැනට රැදවුම් නියෝග මත වීරගුල පොලිස් ස්ථානයේ රදවා සිටින ප්‍රභල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගනේමුල්ල සංජීව යන අයගේ ප්‍රධාන ගෝලයෙකු වන දැනට විදේශගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පැට්ටා මංජු නැමති අයගේ සමීපතමයෙකුගේ නිවසක් 2024.01.17 වන දින නාකොටික් නිළධාරින් කණ්ඩායමක් විසින් පරික්ෂා කිරීමේදී ඉතා ක්ෂුක්ෂම ලෙස නිවසේ බංකරයක සගවා තිබු ලක්ෂ 22 කට අධික මුදලක් සොයාගෙන ඇති බව පැවසේ.

පරික්ෂා කරන ලද නිවසේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු සිට ඇති අතර, නිවසේ සිටි කාන්තාවගේ ජංගම දුරකථන පරික්ෂා කරන අවස්ථාවේදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා මුදල් මොවුන් හරහා සංසරණය වන බවට අනාවරණය වීමෙන් පසුව නාකොටික් නිළධාරීන් නිවස වැඩිදුරටත් සෝදිසි කර ඇත.

අත්අඩංගුවට ගත් කාන්තාව කෙහෙල්බැද්දර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 පමණ වයසැති කාන්තාවක් බවත්, නාකොටික් නිළධාරීන් පවසන්නේ , මත්ද්‍රව්‍ය ජාලය අනාවරණය කර ගැනීම සදහා මෙම සැකකාර කාන්තාව රැදවුම් නියෝග මත රදවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...