හමුදා අභ්‍යාස නිසා කොරියානු අර්ධද්වීපය උණුසුම්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 20 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : කොරියානු අර්ධද්වීපය මේ දිනවල දේශපාලනික වශයෙන් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍යවල වාර්තා කරයි.

දකුණු කොරියානු සහ අමෙරිකානු හමුදා එක්ව සිදුකරනු ලබන හමුදා අභ්‍යාසය මෙයට හේතුව වී ඇති බවට සැලකේ.

එම අභ්‍යාසයට උතුරු කොරියාව දක්වන ප්‍රතිචාරය දෙස සියලුදෙනා විමසිල්ලෙන් සිටින අතර උතුරු කොරියාව පවසන්නේ ජලයේ ක්‍රියාත්මක කළ හැකි න්‍යෂ්ටික ආයුධ පද්ධතියක් තමන් අත්හදා බැලූ බවය.

එම අත්හදා බැලීම “Haeil-5-23” ලෙස නම කර ඇති අතර, එරට නැගෙනහිර මුහුදේ එම අත්හදාබැලීම් සිදුකර ඇති බව වාර්තා වේ.

උතුරු කොරියාව සහ දකුණු කොරියාව එකතු කිරීමට හැකියාවක් නොමැති බවත්, දකුණු කොරියාව, උතුරු කොරියාවේ ප්‍රධාන සතුරා ලෙස සලකන බවත්, පසුගිය සතියේ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් මෑතකදී පවසා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...