දළඹු රෝගය මර්දනය සඳහා ඩ්‍රෝන තාක්ෂණය!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 21 කොළඹ (LNW): ප්‍රදේශ කිහිපයක වී වගාවට හානි කරමින් ශීඝ්‍රයෙන් පැතිර යන දළඹු රෝගය මර්දනය සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් කෘෂි රසායනික ද්‍රව්‍ය ඉසීමේ වැඩසටහන අද (21) ආරම්භ විය.

ඒ අනුව ගලෙන්බිඳුනුවැව ගොවිජනසේවා බල ප්‍රදේශයේ ගොවීන්ගේ කුඹුරු සඳහා නොමිලේ කෘෂි රසායනික ද්‍රව්‍ය ඉසීම සිදු කෙරිණ.

අදාළ කෘෂි රසායනික ද්‍රව්‍ය ඉසීම සිදු කළේ, වී වගාවන් සදහා බහුලව බලපා ඇති කොළ හකුලන දළඹුවන්ගේ රෝගයට පිළියමක් ලෙසයි.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුග්‍රහය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක බව පැවසේ.

කෘෂි ආංශීක නිපුණතා සභාව මගින් මේ සදහා ඩ්‍රෝන තාක්ෂණය ලබා දී ඇත.

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ, නව තාක්ෂණය භාවිතා කරමින් ගොවීන්ට අඩුපිරිවැයකින් තම ගොවිතැන් කටයුතු කරගැනීමට ක්‍රමවේදයක් හදුන්වාදීමයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...