දෙමළ ජාතික සන්ධානයේ රහස් ඡන්දයක්!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 21 කොළඹ (LNW): දෙමළ ජාතික සන්ධානයේ ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ නායකත්වයට පුද්ගලයෙකු තෝරා ගැනීමේ රහස් ඡන්දය අද පැවැත්වෙන බව වාර්තා වේ.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ නායකත්වයට පුද්ගලයෙකු තෝරා ගැනීම සම්බන්ධයෙන් පසුගිය දිනවල දේශපාලන වේදිකාවේ විවිධ කතාබහ ඇතිවී තිබුණි. ඒ සදහා වන රහස් ඡන්දයක් අද පැවැත්වීමට නියමිතයි.

නව නායකයා මෙලෙස තෝරා ගැනීමටයි නියමිතව ඇත්තේ, ත්‍රිකුණාමලයේදී පැවැත්වෙන රැස්වීමකදී පක්ෂ නියෝජිතයින් 340 දෙනෙකුගේ රහස් ඡන්දයකින් බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන  එම් ඒ සුමන්දිරන්/ එස් ශ්‍රීධරන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සින්නතම්බි යෝගේෂ්වරන් / ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ නායකත්වය සදහා තරගවදිනු ලබන බවට සඳහන් වේ.

මෙම රහස් ඡන්දය විමසීමෙන් අනතුරුව යාපනයේදී ලබන 28 වනදා පැවැත්වෙන පක්ෂ  මහා සම්මේලනයේදී නව නායකත්වය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා එම ධුරයෙන් ඉවත්වීමෙන් පසු ඇතිවූ පුරප්පාඩුව සදහායි මෙලෙස නව නායකයෙකු තෝරාපත්කර ගනු ලබන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...