ශ්‍රී පාද කන්දේ ඇති ස්වභාව සෞන්දර්යය අත්විදි ජුලී චන්ග්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 22 කොළඹ (LNW): පසුගියදා(19) දා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ශ්‍රී පාදස්ථානය වැඳපුදා ගෙන ඇති බව සිය X ගිණුමේ සටහනක් තබා ඇත.

ඇය එහි සටහන් කර තිබුණේ, වන්දනා නඩ සහ වික්‍රමයන්ට ප්‍රියකරන පුද්ගලයන් සමඟ එක්ව තමන් ශ්‍රී පාදස්ථානය වැඳපුදා ගත් බවයි.

ශ්‍රී පාද කන්දේ ඇති ස්වභාව සෞන්දර්යය, ඓතිහාසික වැදගත්කම අගය කරමින් සහ සියලු ආගම් ශ්‍රී පාදස්ථානයට දක්වන ගෞරවය සිතෙහි තබා ගෙන තමන් ශ්‍රී පාද කන්ද තරණය කළ බව ඇය සඳහන් කරයි.

ශ්‍රී පාද කන්ද තරණය කිරීම අභියෝගයක් ගෙනදුන් නමුත් කඳු මුදුනට දර්ශනය වන ඉර සේවය දුටු විට එම අභියෝගය බාර ගැනීම පිළිබඳ තමන් සතුටු වන බව ඇය පවසයි.

ශ්‍රී පාද කඳු මුදුනට යන ගමනේ හොඳම කොටස නම්, දුර බැහැර සිට ගමන් කරන තරුණ තරුණියන්ගේ සිට එකිනෙකාට උදව් කරන පවුල් දක්වා ශ්‍රී ලාංකිකයන් සමඟ සිදුවූ උණුසුම් හමුවීම් චන්ග් මහත්මිය සදහන් කර ඇත.

තේ පානය කරන අතරතුර ඇති වූ සංවාද සහ උණුසුම්ව සිටීමට ඔවුන් ලබා දුන් උපදෙස් ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තමන්ට තිබූ ගෞරවය තවත් වැඩි වූ බව ඇය ප්‍රකාශ කළාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...