ගාසා තීරයේ අඳුරුම දිනය උදාවෙයි! පැය 24 ක් තුළ මරණ 178ක්!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 22 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගතවු පැය 24 තුළ පමණක් ඊශ්‍රායල ප්‍රහාර අතරතුර ගාසා තීරයේ පුද්ගල මරණ 178ක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වන විට ඊශ්‍රායල ප්‍රහාර අතරතුර ගාසා තීරයේ පුද්ගලයින් 25,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බව හමාස් සෞඛ්‍ය අංශ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එය මෙතෙක් පැවති යුද්ධයේ දරුණුතම දිනයක් බවද විදෙස් වාර්තා පෙන්වා දෙන අතර, ඊශ්‍රායලය සිය ප්‍රහාර ආරම්භ කරනු ලැබුවේ, පසුගිය ඔක්තෝම්බර් 07වන දින හමාස් සටන්කාමීන් දකුණු ඊශ්‍රායලයේ පුද්ගලයින් 1,300ක් ඝාතනය කර 240කට වැඩිපිරිසක් ප්‍රාණ ඇපයට ගත් ප්‍රහාරයෙන් අනතුරුව වේ.

කෙසේවෙතත් සටන් දිගින් දිගටම පැවතීම හේතුවෙන් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු යළිත් වරක් පලස්තීන රාජ්‍යයක් බිහිකිරීම ප්‍රතික්ෂේප කර ඇති බවද වර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...