ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යයෙන් හවුති කැරළිකරුවන් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක්!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 23 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යේමනයේ හවුති කැරළිකරුවන් ඉලක්ක කර ගනිමින් ඊයේ රාත්‍රියේත් ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය ගුවන් ප්‍රහාර මාලාවක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම මස මුල් සතියේ සිට ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය හවුති කැරලිකරුවන්ට එරෙහි ඒකාබද්ධ මෙහෙයුම් ආරම්භ කළ අතරයේමනයේ හවුති ඉලක්කයන් වෙත මේ වන විටත් ගුවන් ප්‍රහාර රැසක් එල්ල කිරීමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ,

ඊයේ (23) රාත්‍රියේ හවුති ඉලක්ක අටක් වෙත ප්‍රහාර එල්ල කළ බව පෙන්ටගනය නිවේදනය කර ඇති.

රතු මුහුදේ ගමන්ගන්නා බටහිර රටවලට අයත් වෙළෙද නෞකා ඉලක්ක කර ගනිමින් හවුති කැරලිකරුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමගයි ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය ඔවුන් ඉලක්ක කර ගනිමින් යුද මෙහෙයුම් ආරම්භ කළේ.

ඊශ්‍රායලය පලස්තීනය ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රහාරයන් අත්හිටුවන තුරු තම ප්‍රහාරයන් අඛණ්ඩව ක්‍රියාත්මක බව හවුති කැරලිකරුවන් නිවේදනය කරනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...

ප්‍රශ්න තියෙනවා නම් හදුන්ගෙන් අහන්න

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ සේවාවන් සම්බන්ධයෙන් ඔබට...

ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ඇමරිකානු සම්බාධක වැටෙයිද? විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

කොළඹ LNW:ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගැංඟුරම්ලා ඇති ඉරාන...

රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක අභාවප්‍රාප්ත වෙයි

කොළඹ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා වූ කනිෂ්ක...