නිල්වලා ලවන බාධකය : හරිහැටි විසඳුමක් ඉදිරිපත් නොවීම නිසා සජිත්ගෙන් ආණ්ඩුවට චෝදනා රැසක් (VIDEO)

Date:

නිල්වලා ගග හරහා ඉදිකර ඇති ලවන බාධකය නිසා අක්කර 12000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති නමුත් තවමත් රක්ෂණ වන්දි හෝ වගා හානි ලබා දී නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම ලවන බාධකය තුළ සිදුව ඇති ආපදාව සුළුවෙන් තැකිය නොහැකි බවත් ගංවතුර තත්ත්වය නිසා පාසල් උපකරණ තුළ සිට වගා හානි දක්වා බරපතල හානි සිදුව ඇති බවත් මේ ව්‍යාපෘතියට බිලියන 3ක් වියදම් කර ඇති අතර මෙම බාධකය ඉවත් කරන්න බිලියනයක් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ව්‍යාපෘතිය යන අතරතුර මෙම සැලසුමේ තිබූ නිර්මාණ අංග වෙනස් කර ඇති බවත් සියලු වංචා දූෂණ අක්‍රමිකතා නිසා විපතට පත්ව ඇත්තේ මාතර ගොවි ජනතාව බවත් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇහුවත් තවමත් විසඳුම් ලැබී නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර සිටියේ තවමත් වන්දි ලබා දීමට කටයුතු නොකිරීමට හේතු සහ රජය ලබා දෙන තිරසර විසඳුම් කවරේද කියාය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (23) පාර්ලිමේන්තුවේදී මාතර නිල්වලා ගග ආශ්‍රිතව ඉදි කර ඇති ලවන බාධකය නිසා අවතැන් ගොවි ජනතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හඬ අවදි කරමිනි.

හැමදාම වැඩි වන්දියක් ලබා දෙන බව කිව්වත් වගාහානි වගා පාලු සහ රක්ෂණ වන්දි නොදී ඇති බවත් අක්කර දහස් ගණනින් පාඩු වී මිනිස් ජීවිත පවා අනතුරට පත්ව ඇති බවත් එබැවින් මේ සම්බන්ධයෙන් වන සාකච්ඡා අදාළ ක්ෂේත්‍රයේ ගොවි ජනතාව සමග සිදු කරන ලෙසත් එමඟින් ඔවුන් විඳින දුක කඳුළ වේදනාව අවබෝධ කර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තැපැල් සේවකයින් අදත් වැඩවර්ජනයේ

සටහන - රුවන් නෙළුගොල්ල තැපැල් සේවකයින් ආරම්භ කර ඇති දීප...

හැංගිලා හිටපු තුසිත හල්ලොලුව අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු...

ජාතික සතොස සහල් – ඇමති වසන්තගෙන් අලුත් වැඩක් !

සටහන - රුවන් නෙළුගොල්ල "ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම්...

අරුණ පත්තරේ නිරෝෂා වාසල CIDයට කැඳවයි !

"අරුණ" පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...