කුඩා පරිමාණ වැව්, අමුණු හා ඇළවේලී ප්‍රතිසංස්කරණය පිලිබඳ අවධානය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 25 කොළඹ (LNW): 2024 වසර සඳහා කුඩා පරිමාණ වැව්, අමුණු හා ඇළවේලී ප්‍රතිසංස්කරණය වෙනුවෙන්, රුපියල් මිලියන 1000ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වෙන් කර ඇති බව සඳහන් වේ.

අප රටේ කුඩා පරිමාණ වාරිමාර්ග පද්ධති 17,000ක් ඇති අතර, මේවා ප්‍රතිසංස්කරණ කටයුතු පසුගිය වසරේ ආරම්භ වූ අතර 2023 වසර සඳහා ද රුපියල් මිලියන 1000ක් වෙන් කරනු ලැබීය.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරුණු වැව් 100ක පමණ කටයුතු මේ වනවිට සාර්ථක ව අවසන් කර ඇති අතර, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය දා කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරන ලද වැව් රැසක් නිරීක්ෂණය කර ඇත.

ඒ අනුව වාරියපොල මූණමලේ වැව, නිකවැව, බළල්ල බොරවැව, කටුපීටිවැව, නියදගලවැව, අමුණකොළේ එල්ලංගා පද්ධතිය, ගල්කන්දේගම වැව, මතඹලෑව, බක්මීවැව හා කුඩාවැව ඇතුළු වැව් රැසක් අමාත්‍යවරයා විසින් නිරීක්ෂණය කර ඇත.

මෙම වැව් සියල්ලම මේ වනවිට රජයේ මුදල් යොදාගනිමින් ඉතාමත් හොඳින් පිළිසකර කර ඇති අතර ඒ යටතේ වසර ගණනාවක් තිස්සේ වගා නොකරන ලද කුඹුරු රැසක් මේ වනවිට සාර්ථක ලෙස වගා කර තිබේ.

2024 යල් කන්නය තුළ ජලය සිදී ගිය පසු තවත් වැව් රාශියක් ප්‍රතිසංස්කරණය සඳහා මේ වනවිට සියලු කටයුතු යොදා ඇති අතර මෙම වැව් ප්‍රතිසංස්කරණ කටයුතු මුළුමනින්ම ගොවිජන සංවිධානවල පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

මෙම වැව්වල තිබු කටුසු කොඳු වැනි වැව් ඉවුරු වාහන දෙකකට පහසුවෙන් මාරු විය හැකි පරිදි පළල් කර සැකසීම සම්බන්ධව ගොවි ජනතාව රජයට ස්තුතිය පළ කළෝය.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට ආර්ථික ගැටළු තිබුනත් ගොවි ජනතාවට පහසුකම් සැලසීම සඳහා 2023 වසරේ දී රුපියල් මිලියන 3000ක් ලබා දුන්නාක් මෙන් 2024 වර්ෂය සඳහා ද මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් මිලියන 3000ක මුදලක් ලබා දුන් බව සඳහන් කළේය. මෙම මුදල් යොදාගනිමින් මෙම වර්ෂය තුළ ද කුඩා පරිමාණ වැව් හා අමුණු රැසක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...