පාකිස්තානය ගොඩගැනීමට තම පක්ෂයට එක් වරක් ප්‍රමාණවත් බව බිල්වාල් භූතෝ කියයි!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 27 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තාන මුස්ලිම් ලීගයේ නවාස් පාර්ශ්වයේ ප්‍රධානියා වන නවාස් ශෙරීෆ් සිව්වැනි වරටත් අගමැතිවරයා ලෙස පත් වීමේ අපේක්ෂාවෙන් පසුවන බව වාර්තා වේ.

ලබන මස 8 වැනිදා පැවැත්වීමට නියමිත මහමැතිවරණය වෙනුවෙන් පැවැති රැලියකදී ,ආර්ථික අර්බුදයට ලක් වී ඇති පාකිස්තානය ගොඩගැනීමට තම පක්ෂයට වරක් ප්‍රමාණවත් බව බිල්වාල් භූතෝ (Bilawal Bhutto ) ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

බිල්වාල් භූතෝ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් විශ්වාසභංග යෝජනාවකින් නෙරපා දමා පාකිස්තාන මුස්ලිම් ලීගයේ නවාස් පාර්ශ්වය සමඟ සභාග රජයක් ගොඩ නැඟීමෙන් පසු තමා මුළාවට පත් වූ බවත්, නැවත නවාස් පාර්ශ්වය සමඟ සභාග රජයකට නොයන බවත් පාකිස්තාන මහජන පක්ෂයේ නායක බිල්වාල් භූතෝ ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වතාවක් රැවටීමට හසුවූ තමා නැවත එසේ රැවටීමකට හසු නොවන බවයි.

ශෙබාස් ශෙරීෆ්ගේ අගමැති ධුරයෙන් යුතු සභාග රජයේ විදේශ ඇමැතිවරයා ලෙස කටයුතු කළ බිල්වාල් භූතෝ පාකිස්තාන මහමැතිවරණයේදී සිය පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් මේ වන විට මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාව තර කෙරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...