පාකිස්තානය ගොඩගැනීමට තම පක්ෂයට එක් වරක් ප්‍රමාණවත් බව බිල්වාල් භූතෝ කියයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 27 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තාන මුස්ලිම් ලීගයේ නවාස් පාර්ශ්වයේ ප්‍රධානියා වන නවාස් ශෙරීෆ් සිව්වැනි වරටත් අගමැතිවරයා ලෙස පත් වීමේ අපේක්ෂාවෙන් පසුවන බව වාර්තා වේ.

ලබන මස 8 වැනිදා පැවැත්වීමට නියමිත මහමැතිවරණය වෙනුවෙන් පැවැති රැලියකදී ,ආර්ථික අර්බුදයට ලක් වී ඇති පාකිස්තානය ගොඩගැනීමට තම පක්ෂයට වරක් ප්‍රමාණවත් බව බිල්වාල් භූතෝ (Bilawal Bhutto ) ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

බිල්වාල් භූතෝ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් විශ්වාසභංග යෝජනාවකින් නෙරපා දමා පාකිස්තාන මුස්ලිම් ලීගයේ නවාස් පාර්ශ්වය සමඟ සභාග රජයක් ගොඩ නැඟීමෙන් පසු තමා මුළාවට පත් වූ බවත්, නැවත නවාස් පාර්ශ්වය සමඟ සභාග රජයකට නොයන බවත් පාකිස්තාන මහජන පක්ෂයේ නායක බිල්වාල් භූතෝ ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වතාවක් රැවටීමට හසුවූ තමා නැවත එසේ රැවටීමකට හසු නොවන බවයි.

ශෙබාස් ශෙරීෆ්ගේ අගමැති ධුරයෙන් යුතු සභාග රජයේ විදේශ ඇමැතිවරයා ලෙස කටයුතු කළ බිල්වාල් භූතෝ පාකිස්තාන මහමැතිවරණයේදී සිය පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් මේ වන විට මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මදුරාවතී නම් තරු රටාව – භාෂාව මිටින් ගෙන හොම්බට අනින කවි

සාදය සූදානම් කරපු චන්දරේට යන්නම් කියපු ලූලා ඇලෙන් පැනලා...

ශ්‍රී ලාංකිකයින් 10,000 කට තායිලන්තයේ රැකියා අවස්ථා. එරට කැබිනට් අනුමැතියත් ලැබෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් රැකියා සඳහා...

තුසිත හල්ලොලුව රිමාන්ඩ්. වෙඩිතැබිල්ල තුසිතගේම වැඩක් බව පොලීසිය උසාවියට කියයි !

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු මෙන්ම හිටපු ජනාධිපති...

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...