චමරි ගහලා ගත්තාද ? චමරිට ගහන්න ගත්තා ද?

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 27 කොළඹ (LNW): මේ මොහොතේ ලෝකයේ බොහෝ මාධ්‍යවල ක්‍රීඩා තොරතුරුවලට චමරි අතපත්තු,ලොරේන් බෙල් වෙනුවට WPL තරගාවලියේදී, UP Warriors කණ්ඩායමට ඇතුළත් කර ගැකීමට තීරණය කර තිබෙන බව ප්‍රවෘත්තියක් වී තිබෙනවා.ලොරේන් ඉකුත් වසරේ එම කණ්ඩායමට ක්‍රීඩා කළ ඉන්දියානු රුපියල් ලක්ෂ 30 වෙනුවෙන්ම මේ වසරේ දී ද ඇතුළත්ව සිටි අතර ඇය තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කිරීමෙන් පසුව ඒ වෙනුවට චමරි ච ඒ මුදලටම කැඳවන බව තමයි බොහෝ වාර්තා පෙන්වා දෙන්නේ.

මෙවර අයිසීසී සම්මාන උළෙලේ ලොව විශිෂ්ඨතම එක්දින ක්‍රීඩාකව මෙන්ම,අයිසීසී ය විසින් කම් කරන ලද විස්සයි විස්ස සහ එක්දින කණ්ඩායම්වල නායිකාව ලෙසද නම් කළ චමරි,ලොව පුරා පැවත්වෙන විස්සයි විස්ස සුපිරි කාන්තා ලීගයන් හී කැපී පෙනෙන ක්‍රීඩිකාවක් ලෙස ඇගයීමට පාත්‍රව සිටියදීත් ඉන්දියාවේ WPL තරගාවලියට වැද්දා නොගැනීම ගැටළුකාරියි.එවැනි තත්ත්වයක නැවත UP Warriors කණ්ඩායම චමරි වෙත පැමිණීම සමස්ත WPL තරගාවලියම චමරි දෙසට හැරීමක් ද වෙනවා.

ඒ අනුව ඇය ලබන්නේ ජයග්‍රහණයක් වුවත්,පළමුව ප්‍රතික්ෂේප කර නැවත ඇයගේ වටිනාකමට වඩා අඩු මිලකට මිලදී ගැනීම යම්කිසි ආකාරයක ඇයගේ තත්ත්වය පහත දැමීමේම සැළසුමක් වන්නත් හැකියි.මේ මොහොත වන විට ලෝකයේ විස්සයි කාන්තා ලීගයන් හී තැපී පෙනෙනම තරුවක්ව සිටින චමරිව,වෙන්දේසියේදී මිලදී ගැනීමේ තරගයක් ඇති වුණේ නම් ඇය මේ තරගාවලියේ මීට වඩා බොහෝ වටිනාකම් සහිත ක්‍රීඩාකාවක් වන්නට තිබුණා.ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවකට එතරම් වැඩි ඉල්ලුමක් දෙන්නට ඇති අකමැත්ත නිසා ද,එම කණ්ඩායම්වල බලය සහිතව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ද ඇයව නොසළකා හැරිය නිසා ද චමරි මේ වන විට ඇයට හිමිවිය යුතු වටිනාකමට වඩා බොහෝ අඩු මුදලකට WPL වෙත කැඳවා ගන්නට හැකි වී තිබෙනවා.

මෙවැනි මුදලකට ඇය තරගාවලියට සහභාගිවීමට එකඟවීම ඇයගේ තත්ත්වය යම් ආකාරයකට පහතට දමා ගැනීමක් හැටියට හැඳන්විය හැකියි.එහෙත් ඇත්ත තත්ත්වය ඊට වඩා වෙනස් වන්න පුළුවන්.එසේම එය ඇය පෞද්ගලිකව තීරණය කළ යුතු දෙයක් වන අතර ඉන්දියානු රුපියල් ලක්ෂ 30 ක් යනු ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 100 ක පමණ මුදලක් වන නිසා එම වටිනාකම ගැන තීරණය ඇය සතුයි.එසේම ලොරේන් බෙල් වේග පන්දු යවන්නෙක් වන අතර චමරි පිතිකරණයේ විශිෂ්ඨ දක්ෂතා සහිත තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වෙනවා.ඒ ආකාරයෙන් බලන විට චමරි ඇතැම් විට කණ්ඩායමට කැඳවා බංකු ගත කර තැබීමටත් හැකියාවක් තිබෙන අතර කෙසේ වුව ඇය මේ අවස්ථාව තෝරා ගැනීම එක්තරා සූදුවක් ලෙස හැඳින්විය හැකියි.සමහර විට යම් පසුබෑමක් සළකා ඇයව කණ්ඩායමෙන් එළියේ තබා WPL ඇයව වෙන්දේසියේදී නොසළකා හැරීම සාධාරණීයකරනය කරන්නත් ඉඩ ඇති බැවින්,චමරි තමන්ගෙන් අතපසුවීමක් නොවන්නට හැම තත්පරයේම අවධානයෙන් සිටීම මේ තරගාවලියේදී අතිශයින් වැදගත් වෙනවා.

කෙසේ වුවත් චමරිට පිළිතුරු බඳින්නට පන්දු 25 ක් 30 ක් වුව ප්‍රමාණවත් බව අපි දනිමු.ඒ නිසා චමරි ගහලා මේ අවස්ථාව දිනා ගත්තා ද,නැතිනම් චමරි නොතේරීම සම්බන්ධයෙන් සාධාරණ කරුණු දැක්වීමට හේතු සකසා ගැනීමට චමරිට ගහන්න ගත්තා ද යන්න තීරණය කිරීමේ වැඩි වගකීම ඇත්තේ චමරි අතය.මෙහිදී ඇයට හුරු පුරුදු ආරම්භක පිතිකරු භූමිකාව අහිමි කරන්නට ඇති ඉඩ විශාලය.ඉවත්ව යන පන්දු යවන්නියක වෙනුවෙන් ඇය කැඳවීමට ගත් තීරණයේම එම අනතුර ඇති අතර චමරි ශ්‍රී ලංකා කණ්ඩායමට ද මේ මොහොතේ එවැනි අත්දැකීමක් අලුත් පරම්පරාවට දී මදක් පසුපසින් ඒම අත්හදා බැලීම හොඳ විය හැකි බැවින් එය ද ඇය ආශිර්වාදයක් කරගනු ඇතැයි ද අපි විශ්වාස කරමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...

ඇල්මෙන් උගනින්න ගිය පුත කුමක් විණ ?

මන්දාකිණි පිරුණු අනන්ත අහස ගැනදහසක් රහස් සඟවා ගත් මුහුද...