මහනුවර බහුවිධ මාදිලි ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම් ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්!

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

ජනවාරි 27,
මහනුවර (LNW): මහනුවර බහුවිධ මාදිලි ප්‍රවාහන පර්යන්තයේ (kandy multimodal transit terminal) ඉදිකිරීම් ප්‍රවාහන හා මහා මාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගුඩ්ෂෙඩ් පරිශ්‍රයේදී අද (27) ආරම්භ විය.

මහනුවර නගරයේ වාහන තදබදය අවම කිරීම හා ලංගම, පුද්ගලික හා දුම්රිය යන පොදු ප්‍රවාහන සේවා එක් පරිශ්‍රයක සිට දියත් කිරීමේ අපේක්ෂාවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

ලෝක බැංකු ණය ආධාර යටතේ රුපියල් බිලියන 22ක වියදමින් අක්කර තුනක භූමි වපසරියක් තුළ මෙම ඉදිකිරීම් සිදුවේ. තෙමහල් ගොඩනැගිලි සංකීර්ණයකින් යුතු මෙම ව්‍යාපෘතිය මගින් දිනකට ගමනාන්ත 193ක බස් ගමන් වාර 5000ක් සහ මඟීන් 330000 හැසිරවීම අපේක්ෂිතය.

මහනුවර නගරයේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති හා අධික ජන ඝනත්වයට මුහුණ දිය හැකි අයුරින් සැලසුම් කොට ඇති මෙම ප්‍රවාහන මාදිලිය බස් රථ නැවතුම් ස්ථාන, පොරොත්තු නැවතුම්, හදිසි නැවතුම්, ව්‍යාපාරික ස්ථාන, ආපන ශාලා, මගී විවේකාගාර, රියදුරු හා සහායක විවේකාගාර, මෙහෙයුම් පරිපාලන ඒකක, තොරතුරු මධ්‍යස්ථාන හා රථ ගාල් ආදියෙන් සමන්විතය.

මගීන්ට දුම්රිය හා බස් රථ මගින් වඩාත් පහසුවෙන් ගමන් කිරීමට හැකි අයුරින් සියලු ප්‍රවාහන සේවා ඒකරාශී කොට ඇති මෙම මධ්‍යස්ථානයේ සිට පේරාදෙණිය උඩ පාර සහ විලියම් ගොපල්ලව මාවතට ගමන් කිරීමට ගුවන් මාර්ග ඉදිකිරීමටද සැලසුම් කොට තිබේ.

ව්‍යාපෘතිය ඉදිකිරීමේ සමාරම්භක අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ, මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලොහාන් රත්වත්ත, මහාචාර්ය රංජිත් බණ්ඩාර, ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් රංජිත් රූපසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුලු නිලධාරීන් රැසක් සහභාගීව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...