බදු ප්‍රතිශතයන් ඉහළ දැමීමට කිසිදු බලාපොරොත්තුවක් නෑ – සියඹලාපිටිය

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 29 කොළඹ (LNW): ඉදිරියේ දී රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බවත්, වක්‍ර බදු හඳුන්වා දීමට හෝ බදු ප්‍රතිශතයන් ඉහළ දැමීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටී.

තවදුරටත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසූවේ, වක්‍ර බදු හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ නොයන බවත් භාණ්ඩවල ඉල්ලුම සැපයුම මත භාණ්ඩ මිල තීරණය වන බවයි.

මේ අතර 2025 වසරේදී නව දේපොළ බද්දක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේය.

වැඩිදුරටත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ, දේපොළ බද්ද සෘජු බද්දක් වන බවත් එම බද්ද ඉහළ දේපොළක් ඇති අයගෙන් අය කරගනු බලන නිශ්චිත මුදලක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිහින්තලේ වනචාරියා:සම්බුද්ධ ශාසනයට සහ චීවරයට දැවැන්ත අපහාසයක්!

කොළඹ LNW: රජයේ කැබිනට් ඇමතිවරයෙක් විසින් මිහින්තලේ නායක හාමුදුරුවන්ට...

සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු වරෙන්තු!

කොළඹ LNW:විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට...

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය!

කොළඹ LNW:කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා...