භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ අධීක්ෂණය යටතේ කළුගල් තොග අපනයනයට කැබිනට් අනුමැතිය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 30 කොළඹ (LNW): රට තුළ මේ වනවිට ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය කළුගල් අවශ්‍යතාව සාපේක්ෂ වශයෙන් පහළ මට්ටමක පැවතීම හේතුවෙන් කළුගල් කැණීම් කර්මාන්තයේ නිරත කැණීම්කරුවන් හා ඒ හා සම්බන්ධිත ප්‍රජාවන්ගේ ජීවනෝපාය මාර්ගයන්ට දැඩි බලපෑමක් ඇති වී තිබෙන බැවින් , එම තත්වය සැළකිල්ලට ගනිමින් සීමාකාරී තත්වයන්ට යටත්ව කළුගල් අපනයනය තුළින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ඉපයීමේ වැඩපිළිවෙලක් කෙටිකාලීනව ක්‍රියාත්මකත කිරීමේ යෝග්‍යතාව හඳුනා ගෙන ඇත.

හම්බන්තොට මාගම්පුර වරාය ඉදිකිරීමේදී ඉවත් කරන ලද කළුගල් තොගයක් දැනට එම වරාය භූමියේ පරිපාලන ගොඩනැගිල්ල අසල සහ හම්බන්තොට නව රෝහල් පරිශ්‍රයේ ගොඩගසා ඇති අතර එම කළුගල් තොග කඩිනමින් ඉවත් කළ යුතුව පවතී.‍

පරිසර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැළකිල්ලට ගනිමින් භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ අධීක්ෂණය යටතේ එම කළුගල් තොග කඩිනමින් අපනයනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා අනුමැතිය ලබා දීමටත් කළුගල් මෙට්‍රික්ටොන් මීලියනයක් දක්වා අපනයනය කිරීමේ හැකියාව සහ යෝග්‍යතාව පිළිබඳ කරුණු අධ්‍යයනය කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රී රවීගෙන් තවත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

කොළඹ LNW:ආර්ථික අර්බුදයකට ලක්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ...

තුසිත හල්ලොලුව ඇප මත නිදහස්. විදෙස් ගමන් තහනම්

සටහන - රුවන් නෙළුගොල්ල රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික ලොතරැයි...

එදවස සොඳුරුමය එතරම්….

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : පොතක වරුණ.. එදවස සොඳුරුමය 7...