අනතුරට ලක් වූ පැරසුට් බටයන් බැලීමට ආරක්ෂක මාන්ඩලික ප්‍රධානි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 30 කොළඹ (LNW): අද උදැසන පැවති නිදහස් දින පෙරහුරුවේදි අනතුරට ලක් වූ පැරසුට් බටයන් බැලීමට ආරක්ෂක මාන්ඩලික ප්‍රධානි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ජාතික රෝහලට පැමිණියේය.

අද (30) දහවල් නිදහස් සැමරුම් උත්සවයේ පෙර පුහුණුවීම් සිදුකරන අතර තුර පැරෂුට් භටයින් සිව්දෙනෙක් අනතුරකට ලක්ව රෝහල් ගත කිරීමට සිදු විය.

මෙලෙසට අනතුරට ලක්වූයේ ගුවන් හමුදා පැරෂුට් භටයින් දෙදෙනෙක් සහ යුද හමුදා පැරෂුට් භටයින් දෙදෙනෙකි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ සුළඟේ දිශාව අනපේක්ෂිත ලෙස වෙනස්වීම මෙම අනතුරට හේතු වී ඇති බවයි.

පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුර දී ඉහළ අහසේ සිට බිමට ඇදවැටී රෝහල් ගතකළ පැරෂුට් භටයින් සිව්දෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව ගුවන් හමුදාව සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ගැන නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්ධන මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු...

Trendy Thursday: “The Devil Wears Prada 2” හි විලාසිතා ගොන්නක්!

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

අසත්‍ය කරුණු නිවැරදි කිරීමට මෙම උත්සාහය දරමු.

ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරශාස්ත්‍රපති මහින්ද ද ලැනරෝල් ආනන්ද මහා විද්‍යාලයයට සම්බන්ධ...

තදින් පහර දෙන හැටි බලන්න ඈෂ්ලිත් පැමිණෙයි.

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 31, කොළඹ LNW: ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ...