ශ්‍රී ලංකාවේ හදිසි ප්‍රතිකාර කටයුතුවල ගුණාත්මකභාවය කියන මාලදිවයින!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 30 කොළඹ (LNW): මාලදිවයිනේ වෙසෙන ජනතාවට සිදුවන හදිසි අනතුරු සහ රෝගාතුරවීම් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ශ්‍රී ලංකාවට කඩිනමින් පැමිණීමට අවශ්‍ය ගිලන් ගුවන් ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමට අවධානය යොමුව ඇත.

මාලදිවයිනේ ගුවන්සේවා අමාත්‍යවරයා කියා සිටියේ මේ දක්වා මාලදිවයින් වැසියන් හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට ඉන්දියාවට රැගෙන ගිය බවත්, එහෙත් ශ්‍රී ලංකාවේ හදිසි ප්‍රතිකාර කටයුතුවල ගුණාත්මකභාවය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී එවැනි රෝගීන් ශ්‍රී ලංකාවේ රෝහල්වලතර ප්‍රතිකාර සඳහා එවිමටයි මාලදිවයින් රජය තීරණය කර ඇත්තේ.

මෙම වැඩපිළිවෙල පිළිබඳව අමාත්‍යවරුන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර එහි පළමු අදියර යටතේ මාලදිවයින සිට කටුනායක ගුවන්තොටුපොල අතර මෙම ගුවන් ප්‍රවාහන සේවාව ලබන මාර්තු 01 වනදා ආරම්භ කිරීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...