ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් පැනීමේ ඉතිහාසයට නව පරිච්ඡේදයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 02 කොළඹ (LNW): අද (02) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් පැනීමේ ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී හමුදා පැරෂුට් භටයකු ලෙස තම හැකියාව ප්‍රගුණ කර පසුගියදා (22) සිය දක්‍ෂතා විදහා දැක්වූ යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා ජනාධිපති කාර්යාලයේදී ඇගැයීමට ලක් කෙරිණි.

මෙම ජයග්‍රහණය හා ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ ආදර්ශවත් හමුදා නායකත්වය මෙන්ම කැපවීම සංකේතවත් කරමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා අතින් මෙහිදී යුද්ධ හමුදාපතිවරයා වෙත එයාර් බෝන් (AIRBORNE) ලාංඡනය පැලඳවීම සිදු විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...