සජබ කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය ගෝත්‍රික වැඩක් – ඩලස්

Date:

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ ඕනෑම ස්ථානයක උද්ගෝෂණය කිරීමේ අයිතිය තිබෙන නමුත් එවැනි උද්ඝෝෂණවලදී සිදුවන ඇතැම් ක්‍රියා අනුමත කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය අසල පැවති උද්ඝෝෂණය අතරතුරදී සජබ කාර්යාලයට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල වී ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ, එවැනි බිත්තර ප්‍රහාරයක් එල්ල වූයේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදයට නොගැලපෙන ගෝත්‍රික හා බියගුලු ක්‍රියාවක් බවයි. ආණ්ඩුව ලෙස මෙන්ම පෞද්ගලිකවද එවැනි ක්‍රියා අනුමත නොකරන බවයි අලහප්පරුම මහතා සඳහන් කරන්නේ.

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සිය ආධාරකරුවන් පිරිසක් සමග පැමිණ කෝට්ටේ පිහිටි සජබ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවති අතර සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ එම උද්ගෝෂණයට සම්බන්ධ වූ පුද්ගලයන් සිය කාර්යාලය වෙත කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කළ බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 28) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ශානි අබේසේකර යළි CID අධ්‍යක්ෂ තනතුරට ?

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා...

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...