අත්අඩංගුවට ගත් කෙහෙළිය අද(03) අධිකරණයට!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 03 කොළඹ (LNW): ඊයේ දින අත්අඩංගුවට ගැනුන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (03) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ,

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දිනයේදී පැය 10කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු වූ අතර, ඉන් අනතුරුව අමාත්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධයෙන් වූ නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී පෙරේදා යළි කැඳවනු ලැබූ අතර, එහිදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දෙන ලෙස දන්වා තිබියදී ඒ සදහා නොපැමිණ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

එය සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඊයේ දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දෙන ලෙස නියෝග කළාය.

ඒ අනුව ප්‍රකාශ ලබා දීමට පැමිණි අමාත්‍යවරයා එම ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව මෙසේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...