අත්අඩංගුවට ගත් කෙහෙළිය අද(03) අධිකරණයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 03 කොළඹ (LNW): ඊයේ දින අත්අඩංගුවට ගැනුන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (03) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ,

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දිනයේදී පැය 10කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු වූ අතර, ඉන් අනතුරුව අමාත්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධයෙන් වූ නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී පෙරේදා යළි කැඳවනු ලැබූ අතර, එහිදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දෙන ලෙස දන්වා තිබියදී ඒ සදහා නොපැමිණ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

එය සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඊයේ දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දෙන ලෙස නියෝග කළාය.

ඒ අනුව ප්‍රකාශ ලබා දීමට පැමිණි අමාත්‍යවරයා එම ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව මෙසේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාවාදුන් ෆැන්ටසි එකක මිල කීයද ?

නෙදර්ලන්තේ අගමැති මාක් රටට් ෆූටාර් පාගල් හේ වැඩට එන...

ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ සිදු...

පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!

කොළඹ LNW:පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් තුළ අද (11) සිදුවූ...

ලක්සල සන්නාමය චීන මැණික් ව්‍යාපාරිකයෙකුට ලබාදීම පසුපසත් ඩීල් එකක් ?

මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින්...