76වන ජාතික නිදහස් දිනය සැමරීමට සියල්ල සූදානම්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 04 කොළඹ (LNW): 76වන ජාතික නිදහස් දිනය ” හදමු අලුත් රටක් ” යන තේමාව යටතේ ගාලු මුවදොර පිටියේදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත් වේ.

මෙවර නිදහස් සමරු උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තැවිසින් මහතා සහභාගී වන අතර, නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්වී පාර්ශවික වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි.

සර්ව ආගමික නායකයන්, පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් , යුධ ගුවන් නාවික ත්‍රිවිධ හමුාදපතිවරුන්, තානාපති කාර්යාල ප්‍රධානීන් ඇතුළු පිරිස් සැමරුම් උත්සවය සඳහා සහභාගී වනු ඇත.

මෙවර නිදහස් දින සැමරුම සඳහා යුධ, ගුවන්, නාවික, පොලිස් , සිවිල් ආරක්ෂක බළකා සහ ශිෂ්‍ය භට සාමාජික සාමාජිකාවයන් 6000කට අධික පිරිසක් සහභාගී වන අතර, ජාතික නිදහස් දින සම්භාවනීය ආරාධිතයාගේ සම්ප්‍රාප්තියත් සමඟ අභිමානවත් ජාතික නිදහස් උලෙළ ආරම්භ  වේ.

අද දිනයේදී ජනාධිපති කාර්යාලයීය නිලධාරින්ගේ සහභාගිත්වයෙන්, ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පිහිටුවා ඇති නිදහස් සටනේ ජාතික විරු ප්‍රතිමා අබියස පුෂ්පෝපහාර පිරිනැමීම උදෑසන 6.30ට සිදු කෙරුණු අතර,ජාතික නිදහස් දින උලෙළේ මඟුල් බෙර වාදනය හා සක් පිඹීම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නර්තන කණ්ඩායමේ ශිල්පීන් විසින් සිදු කරනු ලබයි.

ජාතික ගීය ගායනා කිරීම කොළඹ ආරක්ෂක සේවා විදුහල, තර්ස්ටන් විදුහල සහ මහානාම විදුහල, මුස්ලිම් කාන්තා විදුහල, රාජකීය විදුහල, රාමනාදන් හින්දු විදුහල, සහිරා විදුහල, සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහා විදුහල, සාන්ත අන්තෝනි බාලිකා විදුහල, සාන්ත පීතර විදුහල, හින්දු විදුහල යන විදුහල්වල සිසු සිසුවියෝ 100 දෙනකු විසින් සිදු කරනු ලබති. එහි සංගීතය මෙහෙයවීම සිදු කරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පෙරදිග වාද්‍ය වෘන්දය විසිනි.

ජයමංගල ගාථා සහ දේවෝ වස්සතු කාලේන ගාථාව ගායන කිරීම සිදු කරන්නේ කොළඹ දේවි බාලිකා විද්‍යාලය, විශාකා විද්‍යාලය, සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල යන විදුහල්වල සිසුවියන් 25 දෙනකු විසින් වන අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ පෙරදිග වාද්‍ය වෘන්දය සංගීතය මෙහෙයවයි.

මෙවර ආචාර පෙළපාළිය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් 3042ක්, සන්නද්ධ රථ 77ක්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාජිකයන් 917ක්, සන්නද්ධ රථ 7ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයන් 605ක් සන්නද්ධ රථ 27ක්, ශ්‍රී ලංකා පොලීසියේ සාමාජිකයන් 299ක්, ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් 209ක්, සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයන් 379ක්, ජාතික ශිෂ්‍යභට බළකායේ සාමාජිකයන් 500ක්, විශ්‍රාමික නිලධාරින් 22ක්, ආබාධිත නිලධාරීන් 29කින් සමන්විත වන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...

වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක්!

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි...