ඖෂධ වලින් ඩොලර් හොයමු

Date:

පසුගිය වසර දෙකක පමණ කාලය තුළ ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ ආනයන දුෂ්කරතා හා සීමා හමුවේ රටේ ඖෂධ ඉල්ලුම සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රය දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරමින් සිටී. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයන්ගේ ජාතික මණ්ඩලය (National Chamber of Pharmaceutical Manufacturers of Sri Lanka-NCPM) අතර 2017 වසරේදී ඇති කර ගන්නා ලද ගිවිසුම මෙරට ඖෂධ ක්ෂේත්‍රයේ පුනරුදයට බලපෑ ප්‍රධානතම සාධකයක් ලෙස හැඳින්විය හැකි වේ.

මේ වන විට රටේ ඖෂධ ඉල්ලුමෙන් 15%ත්-20%ත් අතර ප්‍රමාණයක් සපුරාලනු ලබන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එම සංස්ථාව සමඟ ගිවිසුම්ගත වී සිටින (සංස්ථාවේ දැඩි ප්‍රමිති නියාමනයන්ට අනුව ඖෂධ නිපදවන) සමාගම් සහ වෙනත් දේශීය සමාගම් විසිනි.

විදේශ විනිමය රට තුළ රඳවා ගැනීම මේ වන විට ජාතික අවශ්‍යතාවක් බවට පත් වී ඇති අතර, ශ්‍රී ලංකාව ඖෂධවලින් ස්වයංපෝෂිත කිරීම එහිලා අතිශය වැදගත්ය. දේශීය ඖෂධ නිෂ්පාදන සමාගම් බලගැන්වීම මඟින් පුරවැසියන්ට උසස් තත්ත්වයේ ඖෂධ සහනදායි මිල ගණන් යටතේ දීමට රජයට (රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට) හැකියාව ලැබෙන අතර, එමඟින් රට තුළ නව රැකියා අවස්ථා නිර්මාණය වීමද සිදු වේ.

සාධනීය වශයෙන් ඖෂධ සම්බන්ධ රාජ්‍ය ඒකාධිකාරිය ඉවත් කරමින් ඵලදායි හවුල්කාරීත්වයක් ඔස්සේ පෞද්ගලික අංශයට නව අවස්ථා උදා කර දීම සඳහා ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයන්ගේ ජාතික මණ්ඩලය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අතර ඇති වූ හවුල්කාරීත්වය වැදගත් මෙහෙවරක් ඉටු කර ඇත. මේ ආකාරයට ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය අතර පවතින සහයෝගීත්වය රටේ අනෙකුත් අංශයන්ටද ආදර්ශයක් වනු ඇතැයි ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයන්ගේ ජාතික මණ්ඩලය විශ්වාසය පළ කරයි.

රාජ්‍ය අංශයේ විශ්වසනීයත්වය සහ සුභසාධන ආකල්ප සමඟ පෞද්ගලික අංශයේ කාර්යක්ෂමතාව හා හැකියාවන් ඒකාබද්ධ කිරීම මඟින් ශ්‍රී ලංකාවේ ඖෂධ සම්බන්ධ ඉල්ලුම පෙර නොවූවිරූ තරම් දුරකට සපුරාලීමට අවස්ථාව ලැබෙනු ඇත. රජය වෙතින් නිසි මඟ පෙන්වීම හා සහයෝගය හිමි වන්නේ නම් ඉදිරි වසරවලදී ශ්‍රී ලංකාවට වැඩියෙන්ම විදේශ විනිමය රැගෙන එන ක්ෂේත්‍රයක් බවට පත් වීමට ඖෂධ කර්මාන්තයට හැකියාව තිබේ.

ඇත්ත Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW අධිකරණ නියෝග මත ඉන්දියාවෙන්...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...