මනූෂ රනිල්ව කාශ්‍යපට අන්දයි!

Date:

කොළඹ LNW: කාශ්‍යප වගේ රජෙක්, රටට ඩොලර් ගේන රජෙක් අපිටත් සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

”කාශ්‍යප වගේම තාක්ෂණය දියුණු කරන්න පුළුවන් මානවම්ම වගේ සෙල් ලිපි වල ලියපුවා පුස්කොල පොත් වල ලියන්න වෙනසක් කළා වගේ ලෝකය ඩිජිටල් කරනය කරන්න පුළුවන් නායකයෙක් අපිටත් ඉන්නවා. ඒ තමයි වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. එහිදී ඔබට තිබෙනවා ආණ්ඩුව උදව් කළාද අරයා උදව් කලාද කියලා හිතන්නේ නැතිව ඔබෙන් පටන් ගන්න. ඔබ ව්‍යාපාර ටික පටන් ගන්න. එහිදී ආගමත් සංස්කෘතියත් රැකගෙන සුද්දෙක්ට ඇවිත් බියර් එකක් බොන්න පුළුවන් වෙන ක්‍රමයක් ඇති කළයුතුයි. කොටු කරපු තැනින් පිටතට ගිහින් මගෙන් පටන් ගන්න. අපිට ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙනයන්න එදා කාශ්‍යප මානවම්ම වගේ අද රනිල් වික්‍රමසිංහ ඉන්නවා. ඒ නිසා අද ඔබ සියලුදෙනා මගෙන් පටන් ගන්න.” යනුවෙන් අමාත්‍යවරයා කියාසිටියි.

මනූෂ නානායක්කාර මහතා මේ බව කියා සිටියේ ඊයේ (03) අනුරාධපුර යොවුන් නිකේතනයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ ”මගෙන් පටන් ගමු” තරුණ සමුළුව අමතමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...