ඩොලර් බිලියන 90ක ණයකාරයින් වුණ අපි, බොරු සෝබනකාරයින්ට තවදුරටත් ඇන්දවෙන්න නම් එපා – සජිත් (VIDEO)

රටේ සමහර මිනිසුන්ට අවශ්‍ය වී ඇත්තේ බොරු සෝබනකාරී වැඩ, බොරු සැනකෙළි, ලස්සන වචන බවත්, රටේ සමහර පුද්ගලයන් නැවත ඇන්දෙන්න බලාගෙන සිටින බැවින් ඔවුන්ට කීමට ඇත්තේ තවදුරටත් විවිධ ඇන්දවීම්වලට ලක් නොවන ලෙසත් මේ අවස්ථාවේ රටට අවශ්‍ය වී ඇත්තේ ‘උත්තර’ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රට මේ වන විට පවතින තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම් සාම්ප්‍රදානුකූල රාමුවෙන් පිට පැන්න අලුතින් හිතන වැඩපිළිවෙළක් රටට අවශ්‍ය බවත් අපේ රට මේ වන විට ඇ. ඩොලර් බිලියන 90ක් ණය ගෙවිය යුතු බවත් මේ ණය ගෙවන තුරු අප රට හදුන්වන්නේ ණය ගෙවා ගත නොහැකි බංකොලොත් රටක් ලෙසත් එය ආඩම්බරයට කරුණක් නොව දුකට පත්විය යුතු කරුණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පෙරේදා (4) සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 85 වැනි අදියර යටතේ ගාල්ල බලපිටිය රේවත ජාතික පාසලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

දේශපාලනඥයෝ ලෙස විවිධාකාර වූ දෙස් විදෙස් සභාවලට සහභාගී විමේදී සෑම අවස්ථාවකම අරමුණ වන්නේ එම සභාවල බුද්ධිය හා දැනුම කේන්ද්‍ර කර ගෙන කැපී පෙනීම සහ ඉස්මතු වීම වුවත් ශ්‍රී ලංකාවේ සමහර පුද්ගලයන් එයට කැමති නොවන බවත් අලුත් දෙයක් දියුණු වැඩක් කරන්න ප්‍රගතියක් ලබන්න ඔවුන්ට අවශ්‍ය නොවන බවත් පැරණි යුගයේ ලතවීම ඔවුන්ගේ අපේක්ෂාව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 85ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 823ක් වැය කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...