අද දඩල්ලේදී ප්‍රධාන ධාරාවේ තරග ඇරඹේ!

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි 06, කොළඹ (LNW): පෙබරවාරි පස්වන ද ගාල්ල දඩල්ල ගෘහස්ථ කෙළිබිමේ දී ආරම්භ වුණ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බැඩ්මින්ටන් අභියෝග සූරතාවලියේ දෙවන දවසේ දී ප්‍රධාන තරග ධාරාවේ තරග ආරම්භවීමට නියමිතව ඇත.එහිදී ඊයේ (5) පැවති සුදුසුකම් ලැබීමේ තරග වටයේදී කේවල් පිරිමි තරග සඳහා 16 දෙනෙක් ප්‍රධාන නාම ලේඛණයට සුදුසුකම් ලබා එක්විණි.

එසේම සුදුසුකම් ලැබීමේ තරග වටයේ කාන්තා අංශයේදී ක්‍රීඩිකාවන් ුට දෙනෙකුට ප්‍රධාන තරග නාමාවලියට එක් වන්නට අවස්ථාව ලැබිණ.ඒ ආකාරයට ඊයේ පැවත් වූ තරගවලදී ප්‍රධාන තරගකරුවන්ගේ නාම ලේඛණයට ශ්‍රී ලංකාවෙන් රේෂාන් දිඹුක්කුවලගේ,ලෝචන ද සිල්වා සහ මධුක දුලාංජන සුදුසුකම් ලබා ගත්හ.අවාසනාවට කාන්තා අංශයේදී කිසිඳු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකට සුදුසුකම් ලද අට දෙනා අතරට එන්නට අවස්ථාවක් නොලැබිණ.ඒ නිසා ප්‍රධාන තරගකාරියන් ක්‍රීඩාකරන සූරතාවලිය සම්බන්ධ තරග කාල සටහනේ කාන්තා අංශයෙන් තරග කරන්නේ රනිත්මා ලියනගේ පමණය.

අද සිට ප්‍රධාන තරග අංශ ක්‍රියාත්මක වන ආකාරය පහත දක්වා ඇති අතර පහත සබඳතා මඟික් ප්‍රධාන තරග නාම ලේඛණයට පිවිසිමට හැකියාව ඇත.


පිරිමි තරගාවලිය

https://www.tournamentsoftware.com/sport/tournament/draw?id=CE5F3CF2-E598-4C0D-862B-1EA4097B0B11&draw=2


කාන්තා තරගාවලිය

https://www.tournamentsoftware.com/sport/tournament/draw?id=CE5F3CF2-E598-4C0D-862B-1EA4097B0B11&draw=4


පිරිමි යුගල

https://www.tournamentsoftware.com/sport/tournament/draw?id=CE5F3CF2-E598-4C0D-862B-1EA4097B0B11&draw=5


කාන්තා යුගල

https://www.tournamentsoftware.com/sport/tournament/draw?id=CE5F3CF2-E598-4C0D-862B-1EA4097B0B11&draw=6


මිශ්‍ර යුගල

https://www.tournamentsoftware.com/sport/tournament/draw?id=CE5F3CF2-E598-4C0D-862B-1EA4097B0B11&draw=7

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...