ලංකාවෙන් තරග වඳින තනි රනිත්මා ජයග්‍රාහීව සටන අරඹයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි , 06 කොළඹ (LNW): ගාල්ල දඩල්ලේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා ජාත්‍යන්තර බැඩිමින්ටන් අභියෝගතා සූරතාවලියට කාන්තා කේනල කාණ්ඩයේ ප්‍රධාන තරග නාම ලේඛණයට ඇතුළත්න සිටින එකම ලාංකේය ක්‍රීඩිකාව වන රනිත්මා සිය පළමු තරගය ඉන්දීය ක්‍රීඩිකා ප්‍රශංසා බෝනම් පරාජය කරමින් වට 2-0 ක් ලෙස ජය ගන්නට සමත් වූවාය.ලකුණු 21 -12 ක් සහ 21 -18 ක් වූ තරගයේ ලකුණු තත්ත්වය මෙන්ම රනිත්මා මේ තරගයේදී ඉන්දීය ක්‍රීඩිකාවට වඩා පෙන් වූ දරා ගැනීමේ හැකියාව ඉහළ මට්ටමක විය.

රනිත්මාගේ තරගයට පෙර පැවති කරග අතරින් විඩිම කාලයක් වැය කළ තරගයක් හැටියට හැඳින්විය හැකි මෙම තරගයේදී විනාඩි 51 කාලයක් වැය වී තිබිණ.අද වැඩිම කාලයක් ගත වූ තරග හතර අතරට වැටෙන මේ තරගය මෙන්ම ඉන් තරග තුනකම ඉන්දීය ක්‍රීඩිකාවන් දකින්න වීමත්,ඒ වස්ථා තුනේදීම ඉන්දීය ක්‍රීඩිකාවන් පරාජය වීමත් අද දවසේ අපූරු සිඳුවීමක් හැටියට ගත හැකිය.
රනිත්මාට ඊ ළඟ තරගයේදී ඉන්දුනීසියාවේ අයිස්යා සටිවා ෆැටේටානි සහ ඉන්දියාවේ ශ්‍රී නිත්‍යා නරහරිසෙට්ටි සමඟ තරගයෙන් ජය ගන්නා ක්‍රීඩිකාව හමුවීමට නියමිතය.කාන්තා තරග අංශයේ අද දවසේ ලොකුම පෙරළිය සිදු කළේ සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කර සුදුසුකම් ලැබූ තායිලන්තයේ කමෝවාන් නිතිත්ටිකරායි ය.ඇය මේ තරග සටහනේ අංක එකේ ක්‍රීඩිකාව වන ලොව අංක ක්‍රීඩිකාව මෙන්ම ලොව අංක 43 ට ශ්‍රේණිගතව සිටින්නී ඉන්දියාවේආකර්ශී කාශ්‍යප් වට 2-1 ක් ලෙස පරාජය කළාය.එහි ලකුණු තත්ත්වය දැක්වුණේ 18 – 21,21 -17 මඑ 21 -12 ක් ලෙස ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...