පළමු පියවර සාර්ථකයි – සෞඛ්‍ය වෘත්තිය සමිති

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 06 කොළඹ (LNW): තම ගැටලු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමග පැවැත්වූ සාකච්ඡා වල පළමු පියවර සාර්ථකව අවසන් වූ බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවේ, ඒ අනුව සෞඛ්‍ය සේවයට අනුබද්ධ වෘත්තීය සමිති 72 ක් එක්ව හෙට (7) දිනයේ කැඳවීමට තිබූ සංඛේත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවන බවයි.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවේදී තම ගැටළු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ව්‍යුහාත්මක විසඳුමක් සඳහා නිල කමිටුවක් පත් කළ බවත් ඔහු සඳහන් කළේය.

කුමුදේශ මහතා තවදුරටත් කියා සිටියේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ එම නිල කමිටුව සඳුදා රැස්වීමට නියමිත බවත්, ඒ අනුව සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය ලබන අඟහරුවාදා තෙක් තාවකාලිකව අත් හිටුවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...