පළමු පියවර සාර්ථකයි – සෞඛ්‍ය වෘත්තිය සමිති

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 06 කොළඹ (LNW): තම ගැටලු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමග පැවැත්වූ සාකච්ඡා වල පළමු පියවර සාර්ථකව අවසන් වූ බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවේ, ඒ අනුව සෞඛ්‍ය සේවයට අනුබද්ධ වෘත්තීය සමිති 72 ක් එක්ව හෙට (7) දිනයේ කැඳවීමට තිබූ සංඛේත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවන බවයි.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවේදී තම ගැටළු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ව්‍යුහාත්මක විසඳුමක් සඳහා නිල කමිටුවක් පත් කළ බවත් ඔහු සඳහන් කළේය.

කුමුදේශ මහතා තවදුරටත් කියා සිටියේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ එම නිල කමිටුව සඳුදා රැස්වීමට නියමිත බවත්, ඒ අනුව සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය ලබන අඟහරුවාදා තෙක් තාවකාලිකව අත් හිටුවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...