දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීමට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය ලබාදෙනවා – ජනපති

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 06 කොළඹ (LNW): දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීම සඳහා කලාපීය හා ජාත්‍යන්තර මට්ටමින් ගනු ලබන සහයෝගිතා ප්‍රයත්නයන්ට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය හිමිවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා සඳහන් කළේ, ඒ වෙනුවෙන් ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවත්, ආසියානු කලාපයේ මෙන්ම අප්‍රිකානු කලාපයේද දේශගුණික අභියෝගවලට මුහුණ දීම සඳහා එමඟින් වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට හැකි වනු ඇති බවත්ය.

එසේම පසුගියදා ඩුබායි හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ (COP 28) දී ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ “නිවර්තන කලාපීය මුලපිරීම” යෝජනාව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ කොළඹ ගාලු මුවදොර හෝටලයේ අද (06) පැවති 2024 දකුණු ආසියානු හයිඩ්‍රොමෙට් සංසදයේ (South Asia Hydromet forum 2024) සමාරම්භක අවස්ථාව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...