හෙලිකොප්ටර් අනතුරකින් චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපති ජීවිතක්ෂයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 07 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හෙලිකොප්ටර් අනතුරකින් චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපති සෙබස්තියන් පිනේරා ජීවිතක්‍ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු චිලීයේ ග්‍රාමීය නගරයක්වන ලාගෝ රැන්කෝ හී දී හෙලිකොප්ටරය වැවකට කඩා වැටීමෙන් මෙලෙස හිටපු ජනාධිපතිවරයා මිය ගොස් තිබේ.

74 හැවිරිදි පිනේරා සහ තවත් තිදෙනෙකු රැගත් හෙලිකොප්ටරය මෙලෙස අනතුරට ලක්ව තිබුණි.

මෙම අන තුරින් හිටපු ජනාධිපතිවරයා මිය ගිය අතර අනෙක් තිදෙනාව ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් බේරාගැනීමට සමත්ව ඇත.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කැරොලිනා ටෝහා පැවසුවේ හිටපු ජනාධිපතිවරයාගේ සිරුර ලාගෝ රැන්කෝ නගරයට ආසන්න වැවේ තිබී සොයා ගත් බවයි.

මේ අතර චිලී ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

2010 සහ 2022 අතර අඛණ්ඩව වාර දෙකක් ජනාධිපති ලෙස කටයුතු කළ සෙබස්තියන් පිනේරා ෙවෙනුවෙන් ලබන සිකුරාදා රාජ්‍ය අවමංගල්‍යයක් පැවැත්වේ.

දින 69ක් තිස්සේ ඇටකාමා හි පතලක සිරවී සිටි පතල්කරුවන් 33 දෙනෙක් නිරුපද්‍රිතව මුදාගැනීමත් සමඟ ඔහු එවක ජාත්‍යන්තරයේ අවධානයටත් ලක්වුණි. 

එමෙන්ම පිනේරා සැලකෙන්නේ චිලී හි සිටින ධනවත්ම මිනිසකු ද ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවෙයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක...

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...