අනේ මන්දා අනේ ඒ කෝන්තරේ නම් අපිට තේරෙන්නෙත් නැහැ (VIDEO)

Date:

විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන හිටපු අමාත්‍යවරු දෙදෙනා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පෞද්ගලික මත ගැටුමක් පැවති අතර එය විටින් විට මතු වූ නමුත් ඒ කෝන්තරය කුමක්දැයි යන්න නිශ්චිත ලෙස නොදන්නා බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසුවේය.

කැබිනට් මණ්ඩලයේදී පවා එම කෝන්තරය ඉස්මතු වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එම හිටපු ඇමතිවරුන් පවසන පරිදි රටේ නරක තත්ත්වයක් ගොඩනැගීමට බැසිල් රාජපක්ෂ මහතාට වුවමනාවක් තිබේ නම් ඔහුට මොළේ කුමක් හෝ අසනීපයක් තිබිය යුතු බවටයි අමාත්‍යවරයා සඳහන් කළේ.

බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් එම හිටපු අමාත්‍යවරුන්ගේ ප්‍රකාශ අසාධාරණ බවද ඔහු කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (08) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ ඇප අයදුම්පත තවදුරටත් සලකා බලමින් ….

නිවැරදි කිරීමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප අයදුම්පත...

රනිල්ට වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් එවන ලද නිල ආරාධනා පත්‍රය මෙන්න !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එංගලන්තයේ වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් 2023...

හිටපු ජනපතිට සහය දක්වමින් දේශපාලඥයින්, පාක්ෂිකයින් රැසක් අධිකරණ භූමියට!

කොළඹ LNW:අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර...