ක්‍රිකට් නීති කිහිපයක් සංශෝධනයට – සලිවා භාවිතය සපුරා තහනම් – මැන්කාඩ් දවා ගැනීමට නිසි පිළිගැනීම

Date:

ක්‍රිකට් නීති කිහිපයක් සංශෝධනය කර තිබෙනවා. මෙම සංශෝධන සඳහා මැරිලිබෝන් ක්‍රීඩා සමාජයේ අනුමැතිය හිමිව ඇති අතර ලබන ඔක්තෝබර් පළමුවැනිදා සිට මෙම නීති බලාත්මක වේ.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් තහනම් කර තිබූ, පන්දුව ඔප දැමීම සඳහා සලිවා භාවිතා කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට තීරණය කර තිබේ.

මීට අමතරව පසුගිය කාලයේදී දැඩි කතාබහට ලක්ව තිබූ මැන්කාඩ් දවාගැනීමට අදාලවද සංශෝධනය සිදුව ඇත. මෙම නීතිය දැනට ක්‍රිකට් නීතිවල 41 වැනි නීතිය යටතේ පැවති අතර ඔක්ත‌ෝබර් පළමුවැනිදා සිට එය 38 වැනි නීතිය යටතේ ක්‍රියාත්මක වනු ඇත. ඒ අනුව මැන්කාඩ් දවා ගැනීම ඉන්පසු දුවද්දී දවා ගැනීමක් ලෙස සටහන් වනු ඇත.

උඩපන්දුවක් අල්ලා ගැනීම හේතුවෙන් පිතිකරුවෙකු දැවී යාමේදී උඩ පන්දුව අල්ලා ගැනීමට පෙර පිතිකරුවන් දෙදෙනා සිය අන්තය මාරු කරගෙන සිටියේ නම්, පිටියට පිවිසෙන නවක පිතිකරුවාට පන්දුවට පහරදීමේ අවස්ථාව හිමිකර දීමට තීරණය කර තිබෙනවා. දැනට පවතින නීතිය අනුව ක්‍රීඩකයන් පැති මාරු කරගෙන සිටියද නවක පිතිකරුවාට පන්දු යවන්නාගේ අන්තයට යාමට සිදු වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළි!

රෂිකා හෙන්නායක අගෝස්තු 22, කොළඹ LNW : අද (22)...

කෘෂි නිෂ්පාදන ආර්ථිකයට සංයුක්ත සැලැස්මක්!

කොළඹ LNW:කෘෂි නිෂ්පාදන ජාතික දේශීය සහ විදේශීය වෙළඳපොලට නිකුත්...

චීනයේ Xizang ස්වායත්තය 60 වන උපන්දින සැමරුම චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තය හෙවත් ටිබෙට් ලෙස හැඳින්වෙන කලාපය...

දියුණුව කියන්නේ බැසීමට නොව නැඟීමටය. අධ්‍යාපන සහ ක්‍රීඩා අමාත්‍යංශ එකතුවිය යුතු ආකාරය ගැන අපේ අදහස

නිශ්මං රණසිංහ අගෝස්තු 22, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය...