ස්ථාවර පහසුකම් සඳහා පනවා ඇති සීමාවන් ලිහිල් කෙරේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 08 කොළඹ (LNW): ස්ථාවර පහසුකම් සඳහා පනවා ඇති සීමාවන් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත,

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය ජනවාරි 16 දින සිට බලපැවැත්වෙන පරිදි, විවෘත වෙළඳපල මෙහෙයුම් යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ස්ථාවර පහසුකම් භාවිතය සීමා කිරීම් හඳුන්වා දී තිබෙන බව සඳහන් වේ.

ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම සඳහා පිවිසීම මාසයකට උපරිම වාර 05කට සීමා කර ඇති අතර ස්ථාවර ණය පහසුකම් වෙත පිවිසීම ඕනෑම දිනක, සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවකම ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවයෙන් 90% කට සීමා කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දෙන රාත්‍රී පහසුකම් මත බලපත්‍රලාභී වාණිජ බැංකු අධික ලෙස යැපීම අවම කිරීම, දේශීය මුදල් වෙළෙඳපොළ, විශේෂයෙන්ම ඇමතුම් මුදල් වෙළෙඳපොළ යළි සක්‍රිය කිරීමට සහාය වීම හා අභ්‍යන්තර නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග හඳුන්වා දීමට බලපත්‍රලාභී වාණිජ බැංකු පෙළඹවීම යන අරමුණු ඇතිව මෙම පියවර ගෙන ඇති බව මහබැංකුව පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...