*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

නිවාස අඩස්සි ක්‍රමයක් (house arrest system)

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 08 කොළඹ (LNW): බන්ධනාගාරවල තදබදය පිළිබඳ ගැටලුව විසඳීමට ‘නිවාස අඩස්සි ක්‍රමයක්’ (house arrest system) ක්‍රියාත්මක කිරීම සඳහා නීති සහ ක්‍රියා පටිපාටි සැකසීමේ මූලික කටයුතු ආරම්බ වී ඇති බව වාර්ථා වේ.

සුළු වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වූවන් සඳහා මෙම ක්‍රමය ක්‍රියාත්මක වන බව සඳහන් කළ බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්, බුද්ධි හා ආරක්‍ෂක) සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා සඳහන් කළේ එම නිවාස අඩස්සියේ ක්‍රමය යටතේ සලකා බලනු ලබන නිශ්චිත සුළු වැරදි තවමත් ප්‍රකාශ කිරීමට නොමැති බවයි.

මෙම ක්‍රමයට සුළු වැරදි සඳහා වැරදිකරුවන්ට වළලුකර මංචු පැළඳීම ඇතුළත් වන බවත්
ඒ අනුව උසාවි නියෝගයක් හරහා ඔවුන්ගේ ස්ථානය සහ චලනය නිරීක්ෂණය කිරීමට බලධාරීන්ට හැකි වනු ඇති බවත් ඔහු පවසයි. මෙම ක්‍රමයේ කොන්දේසි කඩකරන්නන් නැවත අත්අඩංගුවට ගැනීමට සහ නැවත රිමාන්ඩ් භාරයට පත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන කෙටුම්පත් කරමින් පවතින බවත් පැවැසේ.

දිසානායක වැඩිදුරටත් පැවසූවේ “බන්ධනාගාරවල තදබදය, සිරකරුවන් නඩත්තු කිරීමේ පිරිවැය සහ සිරගත කිරීමට අවසර නොදෙන සුළු වැරදි සම්බන්ධයෙන් පියවරගැනීම වැනි කරුණු කිහිපයකට ප්‍රතිචාරයක් ලෙස මෙම ක්‍රමය සලකා බලනු ලැබේ,” ලෙසයි.

සිවිල් වැරදි සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයින් සඳහා ‘නිවාස අඩස්සියේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා විසින් ද පසුගියදා අනාවරණය කර තිබිණි. නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව අවශ්‍ය නීති කෙටුම්පත් කරමින් සිටින බවත්, ඒවා ඉදිරියේදී බලාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඔහු සඳහන් කර ඇත.

රජය සහ බන්ධනාගාර බලධාරීන් ඇතුළු පාර්ශ්ව ගණනාවක් විසින් බන්ධනාගාර තදබදය පිළිබඳ ප්‍රශ්නය දැන් කාලයක සිට සාකච්ඡාවය ගැනෙන්නකි. සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම යුක්තිය ආරම්භයෙන් පසුව වඩාත් අවධානයට ලක්විය.

මෙම මෙහෙයුමේ ප්‍රතිඵලය පළ ලෙස දිනකට අත්අඩංගුවට ගැනීම් සිය ගණනක් නොව දහසකට ආසන්න ප්‍රමාණයක් වන අතර, එවැනි අත් අඩංගුවට පත් වූවන් විශාල පිරිසක් පුනරුත්ථාපනය සඳහා යවනු ලැබීමද සිදුවේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan