NPP ඉන්දියානු සංචාරයේ සිව්වැනි දිනය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 08 කොළඹ (LNW): ඉන්දියානු රජයේ ආරාධනයකට අනුව නිල සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු නියෝජත පිරිස අහමදාබාද්හි පිහිටි ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුබද්ධ i-Hub සමාගමේ සංචාරයක නිරත වූ බව එම පක්ෂය පවසයි.

එම ආයතනය ස්ථාපිත කරනු ලැබ ඇත්තේ ශිෂ්‍යයන්ට හා ආධුනික ව්‍යවසායකයින්ට උපදේශන සේවා, විද්‍යාගාර ඇතුළු යටිතල පහසුකම් සපයන සහ ආයෝජකයන් මගින් අරමුදල් සම්පාදනය කර දීමට මැදිහත් වන නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් (Innovation Hub) ලෙසය. i-Hub ආයතනය සිසුන්, බුද්ධිමතුන්, කර්මාන්ත සහ වෙළඳපොළ එකිනෙක සම්බන්ධ කරමින් රාජ්‍ය නියාමනයක් සහිත පහසුකම් සැපයීමේ පද්ධතියක් සංවර්ධනය කිරීමට උපායමාර්ගික මැදිහත්වීම් සිදු කරයි. උපදේශනය, ජාලකරණය, පාරිභෝගික සම්බන්ධතා, ආයෝජන අවස්ථා, ආධාරක යාන්ත්‍රණයන් සහ විද්‍යාගාර යටිතල පහසුකම් සම්පාදනයට අදාළ කඩිනම් නම්‍යශීලී සහ සහයෝගීතා සේවා ඒකාබද්ධතාවක් වන i-Hub, තම සේවාදායකයින්ට අවශ්‍ය සියලු සේවා එක් වහලක් යටදී සම්පූර්ණ කරදීමට කටයුතු කරයි.

අනතුරුව අහමදාබාද්හි කෘෂිකාර්මික ප්‍රදේශ සහ කෘෂි නිෂ්පාදන නිරෝධාන කර්මාන්ත ශාලාවක් (GAIC – Gujarat Agro Industries Corporation) නිරීක්ෂණයකටද මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් (TATA Motors) නිරීක්ෂණයකටද සූර්ය බලශක්ති ව්‍යාපෘති නිරීක්ෂණයකටද සහභාගි වූ ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිස අද (08) රාත්‍රියේ කේරල ප්‍රාන්තයේ අගනුවර වන තිරුවානන්දපුරම් (පෙර හඳුන්වන ලද නාමය Trivandrum) බලා යාමට නියමිත බව පැවසේ.

2024.02.07 දින ඉන්දියානු සංචාරයට අදාළ තවත් තොරතුරු

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිස ඊයේ (07) ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ආනන්ද් හි පිහිටි අමුල් කිරි නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය ආවරණය කරමින් ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූහ. අනතුරුව ප්‍රධාන විධායක නිලධාරි ඇතුළු කළමනාකාරිත්වය, ජාතික කිරි සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශේෂඥ පිරිසක් සමඟ කිරි නිෂ්පාදනයේ නව තත්වයන් පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී.

ආයතනයේ හිමිකාරීත්වය හා කළමනාකරණය සමුපකාර ව්‍යූහයක් යටතේ ක්‍රියාත්මක වේ. කිරි නිෂ්පාදනය වැඩි කිරීම, කිරි නිෂ්පාදනවල මිල අවම කරගැනීම, නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩි කර ගැනීම, තාක්ෂණයේ ප්‍රශස්ත භාවිතය වැනි කරුණු දීර්ඝව සාකච්ඡා කර තිබේ.

එසේම ඔවුන් විසින් ලංකාවේ සිදුකිරීමට යන ආයෝජනය පිළිබඳවද, දැනට මතුවී ඇති ගැටලු හා අනාගතයේදී උද්ගත විය හැකි විවිධ ගැටලුකාරී තත්වයන් පිළිබඳවද මෙහිදී ජාතික ජන බලවේගයේ නායකයින් විසින් කළමනාකාරිත්වය ප්‍රශ්න කර ඇති බව සඳහන් වේ.

මේ අතර ගුජරාටයේ සංවර්ධන ආකෘතිය පිළිබඳ ඉදිරිපත්කිරීමේ අවස්ථාව සඳහා ගුජරාට් ආණ්ඩුවේ බලශක්ති හා ඛණිජ නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ලේකම් Mamta Verma, කර්මාන්ත හා කැණීම් දෙපාර්තමේන්තුවේ අතිරේක ප්‍රධාන ලේකම් S.J. Haider, ගාන්ධි නගරයේ the Leela හෝටලයේ සාමාන්‍යාධිකාරී Vikas Sood ඇතුළු පිරිසක් සහභාගි වූහ. යටිතල පහසුකම්, ව්‍යාපාර කිරිමේ පහසුව, බලශක්ති ක්ෂේත්‍රය, විදේශ වෙළදාම, තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍ර පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබෙන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල් රිමාන්ඩ් !!

අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කළ පැමිණිල්ලට ඇරැඹි විමර්ශනයේ සවිස්තරාත්මක පැතිකඩ!

කොළඹ (LNW): රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න...

සුදාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා CIDයට පැමිණිල්ලක්

රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දිනයේදී අත්අඩංගුවට ගෙන දින...

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...