ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් වෙනුවෙන් සහනදායී වැඩපිළිවෙලක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 08 කොළඹ (LNW): ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

ඒ අනුව රුපියල් 5,000ක්ව පැවැති ආබාධිත සහ වකුගඩු දීමනාව රුපියල් 7,500ක් දක්වා ද, රුපියල් 2,000ක්ව පැවැති වැඩිහිටි දීමනාව රුපියල් 3,000 දක්වා ද ඉහළ නංවන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර දැනට අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ සිටින ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ලැබීමට සුදුස්සන් මෙම වසරේ පළමු කාර්තුව තුළ හඳුනාගැනීමට නියමිත අතර ඉන් පසු ඔවුන්ට ද මෙම වැඩිකළ දීමනාව අප්‍රේල් මස 01 සිට ලබාදීමට නියමිත් අතර, මාර්තු මස 31 අවසන් වීමට නියමිතව තිබූ අස්වැසුම ප්‍රතිලාභ යටතේ අවදානමට ලක් වූ සහ සංක්‍රාන්තික කාණ්ඩයේ ගෙවීම් දෙසැම්බර් මස 31 දක්වා සිදුකරන බව රාජ්‍ය අමාත්‍යවරයාකියා සිටී.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, දැනට සංක්‍රාන්තික කාණ්ඩය සඳහා රුපියල් 2,500ක් ද අවදානමට ලක් වූ කණ්ඩය සඳහා රුපියල් 5,000ක දීමනාවක් හිමි වූ අතර ඉදිරියේ දී එම කාණ්ඩ දෙක එක්කොට පවුල් ලක්ෂ 8ක පිරිස එකම අවදානමට ලක් වූ කාණ්ඩය සේ සලකා රුපියල් 5,000ක දීමනාවක් ලබා දෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගවිනිසුරුවරයා ගමන් ගත් රථ වාහන පෙළ වීඩියෝ කරලා: සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : අගවිනිසුරුවරයා ගමන් ගත්...

පාතාලයේ අක්මුල් නෑර ඔක්කොම හොයාගෙන ඉවරයි. දැන් සුද්ධ කරන්න පටන් අරන් තියෙන්නෙ – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට පාතාලයේ අක්මුල් නෑර සියල්ලම සොයාගෙන...

ගෝඨාභයට සහ රනිල්ට එරෙහි පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර!

කොළඹ LNW:දේශගුණ විපර්යාසවලින් ජනතාව පීඩාවට පත්වීම අවම කිරීම සඳහා...

ජේරුසලමේ වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජේරුසලමේ අද(08)...