ඉන්දියාවේ ලාබාලතම ප්‍රකෝටිපතියා Pearl Kapur!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 08 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝලීය වශයෙන් ධනවත්ම පුද්ගලයන් අතර ගෞතම් අදානි සහ මුකේෂ් අම්බානි වැනි ව්‍යාපාරිකයන් සිටින ඉන්දියාව බිලියනපතියන් සිය ගණනක් පමණ සිටින රටක් වන අතර, තරුණ වියේදීම සාර්ථක වී සිටින ලාබාලතම පුද්ගලයා ගැන ඉන්දියානු මාධ්‍ය වාර්තා කර ඇත.

වයස අවුරුදු 27 දී, Pearl Kapur ඉන්දියාවේ ලාබාලතම ප්‍රකෝටිපතියා ලෙස ව්‍යවසායක ඉතිහාසයේ ඔහුගේ නම සටහන් කිරීමට මෙලෙස සමත් වී තිබෙනවා.

ඔහුගේ සාර්ථකත්වය ඔහුගේ ආරම්භය වන Zyber 365 හි වර්ධනයේ ප්‍රතිඵලය සමගයි.

ගුජරාටයේ අහමදාබාද්හි මෙහෙයුම් සමග ලන්ඩනයේ මූලස්ථානය පිහිටා ඇති සමාගම, ඩොලර් බිලියන 1.2 අගයක් ලබා ගනිමින් ඉන්දියාවේ සහ ආසියාවේ වේගවත්ම unicorn ලෙස ප්‍රශංසා ලබා ඇත,

unicorn ලෙස හඳුන්වන්නේ ඩොලර් බිලියනයකට වඩා වැඩි වටිනාකමක් ඇති ආරම්භකයකි.

Zyber 365 හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Pearl Kapur, සමාගමේ කොටස්වලින් 90%ක් හිමිකර ගනිමින් ඩොලර් බිලියන 1.1ක කැපී පෙනෙන ශුද්ධ වත්කමක් හිමිකරගෙන ඇත.

ලන්ඩනයේ Queen Mary University of MSC හි ආයෝජන බැංකුකරණ (CFA Pathway) උපාධිධාරියෙකු වන Kapur, Web3 තාක්‍ෂණ ක්ෂේත්‍රයේ නවෝත්පාදකයෙකු ලෙස පිළිගන්නා බව සඳහන්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...